Table of Contents
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි. මී. 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම බස්නාහිර පළාතෙත් ගාල්ල දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් මෙරටට
මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් 18 මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව, එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සමාගම පවසයි.
සංචාරක ආදායම වසරේ මුල් මාස 9යේ 9.2% කින් පහළට
සංචාරකයින් පැමිණෙන සංඛ්‍යාවේ සුළු අඩුවීමක් තිබියදීත්, මෙරට සංචාරක ආදායම සැප්තැම්බර් මාසයේදී එක දිගට දෙවැනි මාසයටත් වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 185.6 දක්වා 1.5% කින් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඩුවීම සහ බාහිර බලපෑම් හමුවේ වසරේ මේ දක්වා එකතු වූ සමස්ත ආදායම තවදුරටත් පහළ මට්ටමක පවතිනවා.
කොළඹ වරායේ ඩො:මි 392 ක චීන ආයෝජන ව්‍යාපෘතිය අත්හැර දැමීමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පසුබෑමක්
චීන සමාගමක් වන ‘චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්’ (China Merchants Port Holdings) කොළඹ වරායේ ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 392 ක දැවැන්ත සැපයුම් මධ්‍යස්ථාන (Logistics hub) ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබෙනවා.
මෙම අවලංගු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) අමෙරිකානු ඩොලර් මිලියන 21.9 ක වන්දි පියවීමේ ගිවිසුමකට එළඹීමට එකඟ වී ඇති බව සඳහන්.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| HPL.N0000 (HATTON PLANTATIONS PLC) | Rs. 1.00 | 14-Oct | 02-Nov |
| LION.N0000 (LION BREWERY (CEYLON) PLC) | Rs. 40.30 | 20-Oct | 06-Nov |
| LCBF.N0000 (LANKA CREDIT AND BUSINESS FINANCE PLC) | Rs. 0.20 | 26-Oct | 12-Nov |
| UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) | Rs. 48.00 | 27-Oct | 13-Nov |
