Share Market News Today Sri Lanka EP 43

Share Market News Today Sri Lanka EP 43

Table of Contents

⚠️ කාලගුණ පුවත්: අද බස්නාහිරට, ගාල්ල සහ මාතරට වැසි 

අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන්ය.

ඒ අනුව ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.  

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

පාස්පෝට් ගන්න ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

ඒ අනුව, අදාළ සේවාවන් සඳහා අයදුම් කිරීමට පෙර අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණිය යුතු වෙයි.

ඡන්ද 90%ක් ගණන් කළත් ඊශ්‍රායලයේ බලය තවමත් අවිනිශ්චිතයි

ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර තිබුණද, ඊශ්‍රායල මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රාහකයෙකු මෙතෙක් මතුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 61ක බහුතරය ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකටම හිමිවී නැති බවයි වාර්තා වන්නේ.

මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27ක් නම් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark-Wo International (Pvt) Ltd
4. V M L International (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app and Sport Chain ZS Society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka and MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet / Questnet
14. Era Miracle (Pvt) Ltd and Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd / Netrrix
22. Pro Care (Pvt) Ltd and Shade of Procare (Pvt) Ltd
23. SGO / sgomine.com
24. I.C.A.N. Advertising (Pvt) Ltd
25. Infinity Rover (Pvt) Ltd
26. TM App
27. Max App Media Ltd

2026 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.7කින් වර්ධනය වී ඇති බව නිල දත්ත පෙන්වා දුන්නද, ඉහළ උද්ධමනය සහ දැවැන්ත වක්‍ර බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික පීඩාවකට මුහුණ දී සිටිති. විශේෂඥයින් පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ පරිභෝජන බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.1ක් වන අතර, එය අනෙකුත් කලාපීය රටවලට සහ OECD රටවල සාමාන්‍යයටත් වඩා අතිශයින් ඉහළ අගයකි. රජයේ මෙම දැඩි බදු ප්‍රතිපත්තිය නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් පාරිභෝගික ඉල්ලුම මන්දගාමී වී ඇති අතර, දිගුකාලීනව එය මධ්‍යම පන්තිය හැකිලීමට සහ ආර්ථික එකතැන පල්වීමට හේතු විය හැකි බවට අනතුරු අඟවා තිබේ

කොටස් වෙළෙඳපොළේ ‘නරක ළමයින්ට‘ සුරැකුම්පත් කොමිසමේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

From Resilience to Sustainable Growth මැයෙන් ඊයේ (27) කොළඹ දී පැවති ආයෝජක සමුළුවක දී අදහස් දක්වමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා, ප්‍රාග්ධන වෙළඳපොළ විෂමාචාරයන්ට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් කළේය.

වෙළඳපොළේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයා, දැනට ගනුදෙනු ප්‍රමාණයන් සහ සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පවතින බැවින්, කුඩා කොටස් ප්‍රමාණයකින් පවා වෙළඳපොළ දර්ශක වෙනස් කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය. මෙවැනි වාතාවරණයක් තුළ වෙළඳපොළ හැසිරවීම් (market manipulation) ඇතුළු ප්‍රාග්ධන වෙළඳපොළ විෂමාචාරයන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share Final / Interim XD Date Record Date Date of Payment Announcement Date
(Open Price / Close Price)