Table of Contents
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
ආනයනික සහල් වර්ග දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට
ආනයනික සහල් වර්ග දෙකක් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 03 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ පණිවුඩයක් - ඉදිරියේ දී නැව් 3ක් ලංකාවට
2026 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කරයි.
මීට අමතරව, හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීමට අදාළ අනුමැතීන් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද සමාගම සඳහන් කරයි.
නොවැම්බර් මාසයේ ළඟාවීමට අපේක්ෂිත LPG නැව්ගත කිරීම
OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය): නොවැම්බර් 12 – 14
Geogas සැපයුම්කරු (කොළඹ වරාය): නොවැම්බර් 15 – 17
OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය): නොවැම්බර් 24 – 28
නෙතන්යාහු සමඟ එකඟතාවෙන් පසු ඊශ්‍රායලයට ලබා දෙන ඩොලර් බිලියන 4ක ආධාර අත්හිටුවන බව ට්‍රම්ප් කියයි
ඊශ්‍රායලයට වසරකට ලබා දෙන ඩොලර් බිලියන 04ක මූල්‍ය ආධාර පැකේජය අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ “මාස කිහිපයකට පෙර” එකඟතාවකට පැමිණි බව පවසමින්, වසර අවසානයේදී ඊශ්‍රායලයට ලබා දෙන අරමුදල් අත්හිටුවීමට එක්සත් ජනපදය කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ පළමු වසර දෙක පිළිබඳ ජනතා තීන්දුව ප්‍රකාශයට පත්වන මධ්‍යකාලීන මැතිවරණය මේ වනවිට පැවැත්වෙනවා.
මෙවර මැතිවරණයෙන් අමෙරිකානු කොංග්‍රසයේ බල තුලනය වෙනස් වීමේ දැඩි ඉඩකඩක් පවතින බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර, සෙනෙට් සභාවේ බලය හිමි කරගන්නේ කුමන පක්ෂයද යන්න තවමත් අවිනිශ්චිතයි.
අධික තදබදය නිසා TIN අංකය නැති අයට නොවැම්බර් 01න් පසුවත් බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන බලපත්‍ර අලුත් කිරීමට අවස්ථාව
පවතින තදබදය සැලකිල්ලට ගනිමින්, බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) නොමැති පුද්ගලයින්ට වුවද අදාළ තොරතුරු ලබා දීමෙන් 2026 නොවැම්බර් 01 දිනෙන් පසුවත් බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට හැකියාව පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.
පසුගිය සතියට සාපේක්ෂව පිටකොටුව තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක ඉහළ ගිය සිල්ලර මිල රු.173 සීමාවට.
හේලීස් සෝලා කොස්ගම මෙගාවොට් 5ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය, කොස්ගම ප්‍රදේශයේ භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු කරන ලදි.
කැපිටල් එලායන්ස්, හොංකොං හි Asia Frontier Capital සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීමට ගිවිසුම් අත්සන් තබයි
කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (CAL), සිංගප්පූරුවේ පිහිටි සිය පූර්ණ අනුබද්ධිත CAL Global Pte. Ltd. හරහා, හොංකොං හි පිහිටි අරමුදල් කළමනාකරණ සමාගමක් වන Asia Frontier Capital Ltd. (AFC) සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ගනුදෙනුව හොංකොං හි Securities and Futures Commission අනුමැතිය ඇතුළු අදාළ නියාමන අනුමැතීන්ට යටත්ව සම්පූර්ණ කිරීමට නියමිතය.
ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස 2026 දී
පසුගිය ඔක්තෝබර් මාසය තුළ මෙරටට 168,625ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙය වාර්තා වන්නේ මෙතෙක් ඉතිහාසයේ ඔක්තෝබර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉහළම සංචාරකයින් සංඛ්‍යාව වශයෙනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 165,193ක් ලෙසින් මෙතෙක් තිබූ වාර්තාවට වඩා 2.1%ක ප්‍රමාණයක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමත් සමගිනි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| PKME.N (DIGITAL MOBILITY SOLUTIONS LANKA PLC) | Rs. 2.75 | 05-Nov | 25-Nov |
| LLUB.N (CHEVRON LUBRICANTS LANKA PLC) | Rs. 7.00 | 06-Nov | 26-Nov |
| WATA.N (WATAWALA PLANTATIONS PLC) | Rs. 0.80 | 09-Nov | 27-Nov |
