Table of Contents
⚠️ කාලගුණ පුවත්: අද හවසට මි.මී 75ට වැඩි තද වැසි – මුරසු අද ඉන්දියාවට
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ඉරානයේ Qeshm දූපතට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
ඉරානයට අයත් Qeshm දූපත ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරීන් තිදෙනෙකු මේ බව තහවුරු කර ඇති අතර, එම ප්‍රහාර ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කළ බව ඔවුන් සඳහන් කර තිබේ.
කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා සම්පත් ආරක්ෂා කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වී ඇති බව ද වාර්තා වේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කින් පහළට
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටී තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන් ව ඇති බව සඳහන්.
ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ ලකුණු පහළ වීම මෙලෙස මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
''ඉරානය සමඟ යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹිය හැකියි'' - ට්‍රම්ප්
යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට ඉරානය කැමැත්තෙන් පසුවන බවත්, ඒ අනුව එවැනි එකඟතාවක් ඇති කර ගැනීමට හැකියාවක් පවතින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය හැකි ඉක්මනින් සාකච්ඡාමය විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවය.
කෙසේ වෙතත්, එවැනි ගිවිසුමක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ට්‍රම්ප් විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.
වසරේ පළමු මාස 8 තුළ කුරුඳු කර්මාන්තයෙන් රුපියල් කෝටි 6,000ක ආදායමක්
වසරේ පළමු මාස 8 තුළ කුරුඳු කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 185ක් එනම් රුපියල් කෝටි 6,000ක ආදායමක් උපයා ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
මෙම වසර අවසන් වන විට කුරුඳු කර්මාන්තයෙන් රුපියල් කෝටි 10,000ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 365ක එනම් රුපියල් කෝටි 36.5ක මුදලක් ද මේ වන විට වෙන්කර තිබේ.
සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල අලුතින් කුරුඳු වගාව අක්කර 2,500ක ස්ථාපිත කිරීම, කුරුඳු ආශ්රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම, කුරුඳු කර්මාන්තය සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික ලබාදීම සහ එම කර්මාන්තයේ ව්‍යවසායකත්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.
රුපියලට තවත් පහරක්: 2026 මුල් මාස 10 තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල 6.8%කින් කඩා වැටෙයි
2026 වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 6.8%ක විනිමය අගයක පහළ යාමක් (අවප්‍රමාණය වීමක්) වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පවසනවා.
පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේදී ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 332.61 ක් ලෙසින්.
එය 2025 වසර අවසානයේදී පැවැති රුපියල් 309.99 සහ 2026 සැප්තැම්බර් මාසය අවසානයේ පැවැති රුපියල් 330.83 යන අගයන්ට සාපේක්ෂව රුපියල තවදුරටත් දුර්වල වීමක් පෙන්නුම් කිරීමක්.
මහ බැංකුවේ සැප්තැම්බර් මාසික කාර්යසාධන වාර්තාවට අනුව, 2026 සැප්තැම්බර් මාසය අවසානයේදී වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය වීම 6.3%ක් ලෙස සටහන්ව තිබූ අතර, ඔක්තෝබර් මාසයේදී එය 6.8% දක්වා තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
චීන මහජන බැංකුව (PBOC) සමඟ පවතින විනිමය හුවමාරු පහසුකම (Swap facility) ද ඇතුළත්ව, 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල විදේශ සංචිත මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් ලෙස සටහන් වූ බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කොළඹ කොටස් වෙළෙඳපොළින් 2026 වසරේ මුල් මාස 10 තුළ 10.97%ක පහළ යාමක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ මුල් මාස 10 ඇතුළත කොටස් වෙළෙඳපොළ 10.97% ක පහළ යාමක් වාර්තා කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 30 වන සිකුරාදා දින ගනුදෙනු අවසන් වන විට, සියලු කොටස් මිල දර්ශක අගය 20,142.33ක් ලෙස සටහන් වුණා.
වසර ආරම්භයේදී එම අගය 22,624.31ක් වූ අතර, එය ඒකක 2,481.98 ක හෙවත් 10.97% ක පහළ යාමක්.
එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළේ අනෙක් ප්‍රධාන මිල දර්ශකය වන S&P SL20 දර්ශකය ද මෙම කාලපරිච්ඡේදය තුළදී ඒකක 6,157.38 සිට 5,746.40 දක්වා ඒකක 410.98 කින් හෙවත් 6.67% කින් පහළ ගොස් ඇති බව කොටස් වෙළඳපොළ දත්ත පෙන්වා දෙනවා.
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 441.17කින් පහළ ගොස් තිබෙනවා.
2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් බිලියන 7,548.18ක් වූ අතර, ඔක්තෝබර් 30 වන දින වන විට එම අගය රුපියල් බිලියන 7,107.01ක් දක්වා අඩුවී තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ වාහන ආනයන වියදම 34% කින් පහළට
2026 සැප්තැම්බර් මාසයේදී මෙරට වාහන ආනයනය සඳහා වැය වූ මුදල පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 34% කින් අඩු වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සැප්තැම්බර් මාසයට අදාළ බාහිර අංශයේ කාර්යසාධන වාර්තාවට අනුව, එම මාසයේ පෞද්ගලික සහ වාණිජ වාහන ආනයනය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 188ක්.
එය අගෝස්තු මාසයේ වාහන ආනයනය සඳහා වැය කළ ඩොලර් මිලියන 189ට ආසන්න අගයක් වන අතර, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ වාහන ආනයනය සඳහා වැය කර ඇති මුළු මුදල ඩොලර් මිලියන 1,871ක් බව මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, වාහන ආනයන වියදම අඩු වුවද සැප්තැම්බර් මාසයේ වාහන ලියාපදිංචි කිරීම් අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 18කින් ඉහළ ගොස් තිබෙනවා.
2025 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති මුළු බදු හිඟය රු. ට්‍රිලියන 2.1කට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වාර්තාවකින් හෙළි කර තිබේ.
2026/27 මුල් කාර්තුවේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 35.6ක බදු පෙර අලාභයක්
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ සැලකිය යුතු මූල්‍ය අලාභයක් වාර්තා කර ඇත. සමාගම විසින් ඉදිරිපත් කරන ලද විගණනය නොකළ කළමනාකරණ ගිණුම් අනුව, අදාළ කාලපරිච්ඡේදය තුළ මුළු ආදායම රු. බිලියන 82.8 ක් වූ අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදයේ දී මුළු ආදායම රු. බිලියන 62.6 ක් විය. අදාළ කාලපරිච්ඡේදය තුළ මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගුවන් සම්බන්ධතා කෙරෙහි බාධා ඇති වූ අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ගුවන් අවකාශ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම මැදපෙරදිග ගමනාන්ත, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ජාලය කෙරෙහි ඇති වැදගත්කම හේතුවෙන්, මෙම බාධා වීම් මගී හා භාණ්ඩ ප්‍රවාහන ආදායම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමේ අවදානමක් ඇති කළේ ය. ඒ අතර, එම කාලය තුළ කලාපීය ගුවන් ගමන් තාවකාලිකව ශ්‍රී ලංකාව හරහා යොමු කිරීම සහ ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීම, ගුවන් සේවා අංශය වෙත ඇති වූ අහිතකර බලපෑම යම් ප්‍රමාණයකට අවම කරමින් ඇතැම් අතිරේක ගුවන් සේවා හා මගී ගමන් සේවා සඳහා අවස්ථාව සලසන ලදී.
Overseas Realty (Ceylon) PLC, හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන Havelock City Residences නිල වශයෙන් දියත් කරයි
කොළඹ නගරයේ අතිවිශිෂ්ටතම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දැක්ම තවදුරටත් සාක්ෂාත් කරමින්, ඔවර්සීස් රියල්ටි (සිලෝන්) පී.එල්.සී. සමාගම හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන “හැව්ලොක් සිටි රෙසිඩෙන්සස්” (Havelock City Residences) නිල වශයෙන් දියත් කරන බව පසුගියදා නිවේදනය කළේය. එම නිල උත්සවය 2026 ඔක්තෝබර් 29 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| PKME.N (DIGITAL MOBILITY SOLUTIONS LANKA PLC) | Rs. 2.75 | 05-Nov | 25-Nov |
| LLUB.N (CHEVRON LUBRICANTS LANKA PLC) | Rs. 7.00 | 06-Nov | 26-Nov |
| WATA.N (WATAWALA PLANTATIONS PLC) | Rs. 0.80 | 09-Nov | 27-Nov |
