Share Market News Today Sri Lanka EP 49

Share Market News Today Sri Lanka EP 49

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ගතවූ පැය 12 තුළ 211mmක වැඩිම වැස්ස හිනිදුමට-දුම්රිය මාර්ගත් වැසෙයි-දිස්ත්‍රික්ක කිහිපයකට නාය අනතුරු

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ගතවූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඒ, 211mm වර්ෂාපතනයක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එලෙසම දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ගොඩනැගිලි සහ ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ති‍බේ.

මෙම නිවේදන ඉදිරි පැය 24ට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයට තෙල් අපනයනය කිරීමට එකඟතාවක්

ඕමානයට ආසන්න මුහුදු මාර්ගයක් ඔස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයේ තෙල් අපනයනය කිරීමට අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ එකඟතාවකට එළඹ ඇති බව ඉරාක විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් පවසයි.

විදෙස් මාධ්‍යයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් ඉහළට

සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.

සිමෙන්ති නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙලෙස සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට

අමෙරිකා – ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද පෙරවරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න අගයක පැවති බව සඳහන් වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බොරතෙල් මිල මෙලෙස පහත වැටීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බවය.

ඒ අනුව, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් අවසන් වනු ඇති බවට වෙළෙඳපොළ තුළ ඇතිවී තිබෙන අපේක්ෂාව එක් කරුණකි.

එමෙන්ම, මැදපෙරදිග කලාපයේ සිට ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් සැපයුම යම් ප්‍රමාණයකින් ඉහළ යාම ද මිල පහත වැටීමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නව රජයක් පිහිටුවීමට නෙතන්යාහුගේ ප්‍රතිවාදියාට ඊශ්‍රායල ජනපතිගෙන් ඇරයුම්

නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) නම් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

සාකච්ඡා සාර්ථක වන තුරු ඉරානයට නව ප්‍රහාර එල්ල කිරීමට ඉඩක් නෑ - ට්‍රම්ප්

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකාවලට ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා වුවද, ගැටුම අවසන් කිරීමේ සාකච්ඡා ඉදිරියට යන තාක් ඉරානයට නව ප්‍රහාර එල්ල කිරීමට නියෝග නොකරනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති ජනක රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණය කළේ, රජය විසින් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක ඒකාබද්ධ බද්දක් අය කරන බවයි.

ඉන්ධන මිල සූත්‍රය සහ පිරිවැය සැකැස්ම පිළිබඳ කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගණනය කිරීම්වලට ණය පියවීම සඳහා වෙන් කළ රුපියල් 50ක මුදලක් ද ඇතුළත් වන බවයි.

2026 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම යළිත් වරක් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරන පරිදි 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොටස් වෙළෙඳපොළේ රු. බිලියන 100ක EPF ආයෝජනවල දැන් වටිනාකම රු. බිලියන 204ක් වෙලා

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකරන ලද ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2026 ජූනි 30 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මෙරට ලැසිය්තුගත සමාගම් 61 ක කොටස් මිල දී ගැනීම් වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රු. බිලියන 100.15ක් වේ. මෙම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම ඒ වන විට රු. බිලියන 204.94ක් බව සේවක අරථසාධක අරමුදල විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය කර සිටී.

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
WATA.N0000 (WATAWALA PLANTATIONS PLC) Rs. 0.80 9-Nov 27-Nov
BFL.N0000 (BAIRAHA FARMS PLC) Rs. 1.00 10-Nov 30-Nov
SUN.N0000 (SUNSHINE HOLDINGS PLC) Rs. 0.50 10-Nov 30-Nov
KFP.N0000 (KEELLS FOOD PRODUCTS PLC) Rs. 0.44 10-Nov 30-Nov
CCS.N0000 (CEYLON COLD STORES PLC) Rs. 1.01 10-Nov 30-Nov
CWM.N0000 (C. W. MACKIE PLC) Rs. 1.00 10-Nov 30-Nov
JKH.N0000 (JOHN KEELLS HOLDINGS PLC) Rs. 0.10 12-Nov 2-Dec
BREW.N0000 (CEYLON BEVERAGE HOLDINGS PLC) Rs. 25.87 12-Nov 2-Dec
HHL.N0000 (HEMAS HOLDINGS PLC) Rs. 0.25 16-Nov 4-Dec
LITE.N0000 (LAXAPANA PLC) Rs. 0.75 16-Nov 4-Dec
Rate this Post