Table of Contents
⚠️ කාලගුණ පුවත්: ඔර්නබ් පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්වී ඇත.
අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවතුනි
මෙය අද සවස 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හම්බන්තොට 'ලාෆ්ස්' ගෑස් පර්යන්තයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන සාකච්ඡා
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවයෙන් යුත් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) පර්යන්තයේ හිමිකාරිත්වය දරන ‘LAUGFS Terminals Limited’ සමාගම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ‘LAUGFS Gas PLC’ සමාගම කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙම සාකච්ඡා දැනට මූලික මට්ටමේ පවතින අතර, වාණිජමය සහයෝගීතාවයන්, නව ආයෝජන ලබාගැනීම හෝ අදාළ අනුසංගික සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම පැවරීම (Disposal) වැනි විකල්පයන් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම ගනුදෙනුවේ ස්වරූපය හෝ කොන්දේසි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවත්, නිශ්චිත ගිවිසුමකට එළඹ නොමැති බවත් සමාගම වැඩිදුරටත් අවධාරණය කරනවා.
සාකච්ඡා මූලික මට්ටමේ පවතින බැවින් මෙමගින් සිදුවිය හැකි මුල්‍යමය බලපෑම පිළිබඳව මේ අවස්ථාවේ තක්සේරු කළ නොහැකි බවද LAUGFS සමාගම පවසනවා.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුත් RTI පනතට යටත් වෙයි - තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් සන්ධිස්ථානීය තීන්දුවක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ “පොදු අධිකාරියක්” (Public Authority) යන අර්ථ නිරූපණයට ඇතුළත් වන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) විසින් තීන්දු කර තිබෙනවා.
සණස සංවර්ධන බැංකුවේ (SDB Bank) ගනුදෙනුකරුවකු විසින් සිය ණය සඳහා අදාළ වූ පොලී අනුපාතිකය සමාලෝචනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා ගොනු කරන ලද අභියාචනයක් විභාග කරමින් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන තිබෙනවා.
මාස 9කදී මෙරට අපනයන ආදායම අ. ඩොලර් බිලියන 13.61ක් දක්වා ඉහළට - ගිය වසරට සාපේක්ෂව 5.04%ක වර්ධනයක්
2026 වසරේ ගතවූ මාස නවය තුළ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13.61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සඳහන් කළේ, එය 2025 වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 12.96ක අපනයන ආදායමට සාපේක්ෂව 5.04%ක වර්ධනයක් බවයි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) | Rs. 48.00 | 27-Oct | 13-Nov |
