Table of Contents
⚠️ කාලගුණ පුවත්: අඩු පීඩන කලාපයේ බලපෑම අදත් – ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, බටහිර දෙසට ගමන් කරමින් පවතින නමුත් එහි බලපෑම අද (23) දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉරාන-අමෙරිකා උණුසුම හමුවේ බොරතෙල් මිල ඉහළට
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ ගොස් මේ වනවිට අමෙරිකානු ඩොලර් 112.20ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 2.79% කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 99.86ක් දක්වා ඉහළ ගොස් තිබේ.
48cc ධාරිතාව සහිත යතුරුපැදි ලියාපදිංචිය අනිවාර්යයි
48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා 22 පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
පාරිභෝගිකයින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගත හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ලබාදුන් විශේෂ දැනුම්දීමකට අනුව, ඔබගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ක බදු නිදහස් සීමාවට වඩා අඩු වුවද, ඔබ දැනටමත් බදු ලිපිගොනුවක් විවෘත කර ඇත්නම් වාර්ෂික ආදායම් බදු වාර්තාව අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය. රටේ ආර්ථික දත්ත වර්ගීකරණයට මෙන්ම අනාගතයේදී බැංකු ණය වැනි මූල්‍ය කටයුතු පහසු කර ගැනීමට මෙමඟින් විශාල සහයෝගයක් ලැබේ. එබැවින්, නියමිත දින වන නොවැම්බර් 30 වැනි දිනට පෙර www.ird.gov.lk වෙබ් අඩවිය හරහා ඔබේ බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 4ක් දක්වා වන දඩ මුදල්වලින් සහ නීතිමය ගැටලුවලින් ආරක්ෂා වන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.
ඉරානය සමග සාකච්ඡා නොකරන බව ට්‍රම්ප් කියයි
අමෙරිකාව ඉරානය සමග සාකච්ඡා නොකරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
“එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් යමක් සිදුවනු ඇති අතර, එය ඉක්මනින් සිදුවනු ඇතැයි” ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එය ඉදිරි මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව සිදුවනු ඇතැයි බොහෝ දෙනා සිතන බව ද ඔහු පවසා තිබෙනවා.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| LCBF.N0000 (LANKA CREDIT AND BUSINESS FINANCE PLC) | Rs. 0.20 | 26-Oct | 12-Nov |
| UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) | Rs. 48.00 | 27-Oct | 13-Nov |
