Table of Contents
⚠️ කාලගුණ පුවත්: දිවයින ආසන්නයේ පහළ වායුගෝලය කැලඹෙයි – පළාත් 6කට මි.මී 100ක තද වැස්සක්
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් අද (20) දින සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.
ලෝක අන්තර්ජාලයටත් ඉරානයෙන් රතු එළියක් !
මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් ඉලක්ක බවට පත්විය හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
ඉරාන පුවත් ඒජන්සියක් වන ෆාර්ස් (Fars) මෙය වාර්තා කර ඇත්තේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නියෝජිතයෙකුගේ ප්‍කාශයක් උපුටා දක්වමිනි.
ඉදිරියේදී යළිත් යුදමය ගැටුමක් ඇතිවීමේ හැකියාව ඉරානය ප්‍රතික්ෂේප නොකරන බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙරට වඩා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවත් එම නියෝජිතයා සඳහන් කර ඇත.
බ්‍රෙන්ට් බොරතෙල් තවමත් ඩොලර් 109 මට්ටමේ : ඩබ්ලිව්.ටී.අයි. ඩොලර් 100 න් පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සුළු පහළයාමක් පෙන්නුම් කළ ද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇමරිකානු ඩොලර් 109 ක මට්ටමේ පවතිනවා.
අද (20) උදෑසන වන විට එහි මිල දැක්වුණේ ඩොලර් 109.8 ක් ලෙසයි.
කෙසේ වෙතත්, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට අඩු මට්ටමේ පවතින අතර, එහි මිල ඇමරිකානු ඩොලර් 98.72 ක් ලෙස දැක්වුණා.
කොමර්ෂල් බැංකුව ‘Soundbox’ හඳුන්වා දී ඇත.
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්‍රව්‍ය පහසුකම් සහිත නව්‍ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත.
2027 ප්‍රාග්ධන වියදම් 24.7% කින් ඉහළ යද්දී රජයේ සමස්ත වියදම රු. ට්‍රිලියන 4.99 දක්වා ඉහළට
2027 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඊට අනුව ශ්‍රී ලංකාවේ 2027 වසර සඳහා වන මුළු රාජ්‍ය වියදම 2026 වසරේ පැවති රුපියල් ට්‍රිලියන 4.434 සිට 12.6% කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 4.993 දක්වා ප්‍රසාරණය වීමට නියමිතය. Ernst & Young (EY) ශ්‍රී ලංකා ආයතනය විසින් ප්‍රකාශිත 2027 විසර්ජන පනත් කෙටුම්පත් විශ්ලේෂණයට අනුව, රජයේ ඉදිරි මූල්‍ය රාමුව ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ආයෝජනවල සැලකිය යුතු වර්ධනයකින් සමන්විත වේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| LION.N0000 (LION BREWERY (CEYLON) PLC) | Rs. 40.30 | 20-Oct | 06-Nov |
| LCBF.N0000 (LANKA CREDIT AND BUSINESS FINANCE PLC) | Rs. 0.20 | 26-Oct | 12-Nov |
| UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) | Rs. 48.00 | 27-Oct | 13-Nov |
