Table of Contents
⚠️ කාලගුණ පුවත්: අදත් හවසට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අවුරුද්ද ඉවර වෙන්නත් කලින් රේගුව ටාගට් කවර් කරයි
2026 වසර සඳහා මුදල් අමාත්‍යංශය මඟින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207ක් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස 13 වැනිදා වනවිට රේගු ආදායම රු බිලියන 2,2208කි.
හෝමුස් සමුද්‍ර සන්ධිය අසල නෞකා දෙකක් ගිලෙයි
පසුගිය පැය 24 ක කාලය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එල්ල වූ ප්‍රහාර හමුවේ කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් සහ වියළි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව නාවික බලධාරීන් තහවුරු කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති සම්බාධක හා නාවික වටලෑමට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාර වේගවත් කරන බව ඉරානය ප්‍රකාශ කර සිටින අතර, පසුගිය දින 10 තුළ මෙම මුහුදු තීරයේ එල්ල වන ප්‍රහාරයන්හි දැඩි වර්ධනයක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකර ඇති නව පාලම හෙට විවෘත කිරීමට පියවර
චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකර ඇති නව යාලු ගංගා පාලම (New Yalu River Bridge) හෙට (15) වාහන ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කරනවා.
ලොව විශාලතම ඉන්ධන සමාගමක් සහ සෞදි අරාබියේ ජාතික ඉන්ධන සැපයුම්කරු වන ඇරැම්කෝ සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලකට හූති කැරලිකරුවන් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් මූලස්ථාන සංකීර්ණයේ පිහිටි පාලන/කාර්යාල ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති අතර සුළු ගිනිගැනීමක් හටගෙන ඇත.
සෞදි බලධාරීන් සහ බලශක්ති අමාත්‍යාංශය තහවුරු කර ඇති පරිදි මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත.
මහජන බැංකුවෙන් ණය ගත්තේ ඩොලර් තැන්පතුවක් ඇපයට තියලා – LOLC හෝල්ඩිංග්ස් වෙතින් නිවේදනයක්
සමූහයේ ගෝලීය භාණ්ඩාගාර සහ මුදල කළමනාකරණ කටයුතුවල කොටසක් ලෙස, LOLC සමූහයේ ආයතන මහජන බැංකුව ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර බැංකු රැසක ඇමරිකානු ඩොලර් තැන්පතු පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ LOLC සමූහයේ ආයතන විසින් එවැනි තැන්පතුවල වටිනාකම ඇපයක් ලෙස භාවිත කර දේශීය මුදල් අරමුදල් ලබාගනු ලබයි. ඒ අනුව, අදාළ ණය පහසුකම සුරක්‍ෂිත කරන සම්පූර්ණ මුදල් ඇපය මහජන බැංකුව සතුවම පවතී. මෙය බැංකු ණය සුරක්‍ෂිත කිරීමේ ඉතාමත් සුරක්‍ෂිත ආකාරයකි.
චීන සංචාරකයින්ගේ 10%ක වැඩිවීමක්. 2026 සංචාරක පැමිණීම දාහත්ලක්ෂ පනස්දහස ඉක්මවයි
සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව 2026 ඔක්තෝබර් 11 දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,751,019ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබරයේ මුල් දින 11 තුළ සංචාරකයින් 57,340කගේ පැමිණීමත් සමඟ මෙලෙස දාහත්ලක්ෂ පනස්දහසේ සීමාව සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට මේ වන විට හැකි වී තිබේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment | Announcement Date (Open Price / Close Price) |
|---|---|---|---|---|---|---|
| JKH (John Keells) | Rs. 2.50 | First Interim | 2026-08-20 | 2026-08-22 | 2026-09-05 |
2026-08-15
Open: Rs. 180.00 | Close: Rs. 182.50 |
| SAMPATH (Sampath Bank) | Rs. 4.00 | Final | 2026-08-25 | 2026-08-27 | 2026-09-10 |
2026-08-15
Open: Rs. 75.00 | Close: Rs. 76.20 |
