Share Market News Today Sri Lanka EP 32

Share Market News Today Sri Lanka EP 32

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී 100 ඉක්මවූ වැසි

දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී.  

දිවයිනේ බස්නාහිර, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

Dialog Finance සහ Softlogic Retail හවුල්කාරීත්වයෙන් Lesi Pay හරහා පහසු මිලට ස්මාර්ට් උපකරණ

Dialog Finance හි වේගවත් ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ Softlogic හි ශක්තිමත් වෙළඳ ජාලය එක්ව, Lesi Pay මඟින් ස්මාර්ට් උපකරණ පහසු හා දැරිය හැකි මිලකට ලබාදීමේ නව සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙමඟින් Softlogic ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ ඕනෑම ස්මාර්ට් උපකරණයක්, Lesi Pay හරහා ඩිජිටල් ක්‍රමයට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය ස්මාර්ට් උපකරණ දැරිය හැකි මිලකට සහ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

මහනුවර - යාපනය (A-9) මාර්ගය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මහනුවර – යාපනය (A9) මාර්ගයේ කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා වන මාර්ග කොටස පුළුල් කර සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව M/s Tudawe Brothers (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

චීනය සහ රුසියාව කිසිදු ආකාරයකින් ඉරානයට සහාය ලබාදෙන බවට තමන් විශ්වාස නොකරන බව ට්‍රම්ප් කියයි

චීනය සහ රුසියාව ඉරානයට කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන බව තමන් විශ්වාස නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානයට සහාය ලබාදීමෙන් මොස්කව් සහ බීජිං නගරවලට අහිමි වීමට බොහෝ දේ ඇති බවයි.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share Final / Interim XD Date Record Date Date of Payment Announcement Date
(Open Price / Close Price)
JKH (John Keells) Rs. 2.50 First Interim 2026-08-20 2026-08-22 2026-09-05
2026-08-15
Open: Rs. 180.00 | Close: Rs. 182.50
SAMPATH (Sampath Bank) Rs. 4.00 Final 2026-08-25 2026-08-27 2026-09-10
2026-08-15
Open: Rs. 75.00 | Close: Rs. 76.20