Table of Contents
⚠️ කාලගුණ පුවත්: පළාත් කිහිපයකට මි.මී. 100-150ක පමණ තද වැසි
13 දිනය වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි
යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107කට ආසන්න මට්ටමකට පැමිණ තිබේ.
එමෙන්ම, යුක්රේනය සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්රයට අදාළ සටන් විරාමයක් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක මතුවීම ද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.
අලුත් IMF වැඩසටහනකට ජනපතිගෙන් කොළ එළියක්
ආර්ථික වර්ධනය සඳහා නව එකඟතාවකට යා යුතු නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩසටහනකට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී පැවති ”ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026” අමතමින් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය යටතේ තබාගනිමින් කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් පත්කර එහි කොටස් පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට රජය සැලසුම් කර ඇති බවයි.
මාස 9ක් තුළ ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 6,500 ඉක්මවයි
වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස 9ක කාලය තුළ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6,500කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව සඳහන් කර ඇත්තේ එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 1,053.7ක වර්ධනයක් බවය.
2026දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4%ක් දක්වා ඉහළ යනු ඇතැයි IMF පුරෝකථනය කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම ලෝක ආර්ථික දැක්මට අනුව, 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 4ක් දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම වර්ධන වේගය 2027 වසරේදී සියයට 3.7ක් දක්වා මන්දගාමී වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පුරෝකථනය කරනවා.
දෙවන කාර්තුවේ ගෘහ ඒකක වෙත ලබාදුන් ණය සියයට 25.4කින් ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දෙවන කාර්තුවේදී ගෘහ ඒකක වෙත ලබාදුන් ණය ප්‍රමාණය සියයට 25. 4 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.
එහි වැඩිදුරටත් දැක්වුණේ, මෙය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී15% කට අඩු අගයක පැවති බවයි.
ගෘහ ඒකක වෙත ලබා දී ඇති සමස්ත ණයවලින් 49% ක්ම පිරිණමා ඇත්තේ, බස්නාහිර පළාතට වීම විශේෂත්වයක්.
එම වාර්තාවට අනුව මෙම ණය වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත්තේ, වාහන මූල්‍යකරණය සහ රන් උකස් ණය මතයි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment | Announcement Date (Open Price / Close Price) |
|---|---|---|---|---|---|---|
| JKH (John Keells) | Rs. 2.50 | First Interim | 2026-08-20 | 2026-08-22 | 2026-09-05 |
2026-08-15
Open: Rs. 180.00 | Close: Rs. 182.50 |
| SAMPATH (Sampath Bank) | Rs. 4.00 | Final | 2026-08-25 | 2026-08-27 | 2026-09-10 |
2026-08-15
Open: Rs. 75.00 | Close: Rs. 76.20 |
