Table of Contents
⚠️ කාලගුණ පුවත්: අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.
ට්‍රම්ප්ගේ ගමන්මඟ වෙනස් කරන්නැයි රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මෙම මැතිවරණ පරාජය ට්‍රම්ප්ගේ දේශපාලන අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අනතුරු අඟවා ඇත.
ඒ අනුව ධවල මන්දිරයේ ඉහළ පෙළේ නිලධාරීන් වෙනස් කිරීම, පරිපාලනය තුළ විනය ඇති කිරීම සහ ඉරානය සමඟ යුද්ධය හා තීරුබදු ප්‍රතිපත්ති ඇතුළු මතභේදාත්මක තීරණ නැවත සලකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
පුද්ගලයෙකුට මසකට අවම වියදම රු. 17,742ක් දක්වා ඉහළට
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල ජාතික දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකුට මසකට රු. 17,742ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජාතික දරිද්‍රතා රේඛාව 2012/13 වසරේදී රු. 5,223ක්ව පැවති අතර, 2016 වසරේදී රු. 6,117ක් දක්වාත්, 2019 වසරේදී රු. 6,966ක් දක්වාත් ඉහළ ගියේය.
2025 සහ 2026 වසරවලදී ද මෙහි තියුණු ඉහළ යාමක් වාර්තා විය.
2025 සැප්තැම්බර් වන විට ජාතික දරිද්‍රතා රේඛාව රු. 16,413ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, 2026 සැප්තැම්බර් මාසයේදී එය තවදුරටත් ඉහළ ගොස් රු. 17,742ක් බවට පත්විය.
ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට
අමෙරිකා එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දැවැන්ත ලෙස පහත වැටී තිබේ.
එම තත්ත්වය හමුවේ WTI බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ ඇත.
නවතම දත්තයන්ට අනුව එය ආසන්න වශයෙන් 9%ක පමණ පහත වැටීමක් පෙන්නුම් කරමින් ඩොලර් 87.59ක් ලෙස සටහන් වී ඇත.
ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රමුඛතම දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලද 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඩොලර් 93.91 දක්වා අඩු වී තිබේ.
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට
ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) හා සයිනොපෙක් සමාගම් විසින් 04 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 515ක් දක්වා ඉහළ දමා ඇත.
මේ අතර මෙම මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගමද සිය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් ඉහළ නංවා ඉහත නව මිල ගණන් යටතේ අලෙවි කරන බව නිවේදනය කළේය.
රිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් මෙරටට ගෙන්වන්න සැලසුම්
රිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
ක්‍රිප්ටෝ හරහා දේශීය ගෙවීම් පියවීමට අවසර නෑ – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුවට අනුව නේවාසිකයන් අතර සිදුකෙරෙන ගෙවීම් පියවීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (Virtual Assets) භාවිත කිරීමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා.
ඊයේ (03) පැවැති ‘Sri Lanka FinTech Festival’ අමතමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ දේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල වෙනුවට වෙනත් ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීම මෙන්ම මෙරට මූල්‍ය ස්වෛරීත්වය (Monetary Sovereignty) සුරක්ෂිත කිරීම සඳහා මෙම නීතිමය සීමාවන් අත්‍යවශ්‍ය බවයි.
තාක්ෂණික දියුණුවත් සමඟම නියාමන පැහැදිලිභාවය ද වර්ධනය විය යුතු බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරමින් සහ පිළිගත නොහැකි අවදානම් මඟහරවා ගනිමින් නවෝත්පාදකයින්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැලසීමට මහ බැංකුව කැපවී සිටින බවද ඔහුඅ සඳහන් කළා.
එමෙන්ම ෆින්ටෙක් තාක්ෂණයේ වර්ධනයත් සමඟ සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බාධා කිරීම්, මූල්‍ය වංචා, දත්ත උල්ලංඝනය වීම් සහ තෙවන පාර්ශවීය සේවා සම්පාදකයින් මත අධික ලෙස යැපීම වැනි නව මුහුණුවරේ අවදානම් නිර්මාණය විය හැකි බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අර්ථසාධක අරමුදල ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොටස් ආයෝජන වැඩිකරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද යන කොටස් වර්ග දෙකෙන්ම 10% බැගින් වූ කොටස් හිමිකාරීත්වයක් තහවුරු කිරීමට සේවක අර්ථසාධක අරමුදල (EPF) සමත් වී ඇත.
කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ නිවේදනයට අනුව, සේවක අර්ථසාධක අරමුදල විසින් සමාගමේ නිෂ්ඡන්ද කොටස් සහ ඡන්ද හිමි කොටස් අත්පත් කර ගත් ආකාරය පහත පරිදි වේ:
- නිෂ්ඡන්ද කොටස් (Non-voting shares): 2025 දෙසැම්බර් 31 වන විට සේවක අර්ථසාධක අරමුදල සතුව පැවතියේ නිෂ්ඡන්ද කොටස් 6,207,876ක් පමණක් වන අතර එය සමස්ත නිෂ්ඡන්ද කොටස්වලින් 4.22%ක ප්‍රමාණයකි. නමුත් 2026 මාර්තු 31 වන විට එම ප්‍රමාණය නිෂ්ඡන්ද කොටස් 14,701,500 දක්වා ඉහළ ගොස් අතර, එමගින් 10%ක සීමාව සපුරාලීමට අරමුදල සමත් විය.
- ඡන්ද හිමි කොටස් (Voting shares): 2026 මාර්තු 31 වන විට සේවක අර්ථසාධක අරමුදල සතුව ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඡන්ද හිමි කොටස් 22,879,611ක් පැවති අතර එය නිකුත් කළ සමස්ත ඡන්ද හිමි කොටස්වලින් 7.78%කි. පසුව සිදු කළ මිලදී ගැනීම් හරහා 2026 ජූනි 30 වන විට එම ප්‍රමාණය කොටස් 29,403,000 දක්වා වැඩි වූ අතර, එමගින් ඡන්ද හිමි කොටස් හිමිකාරීත්වය ද 10% දක්වා ළඟා විය.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| PKME.N (DIGITAL MOBILITY SOLUTIONS LANKA PLC) | Rs. 2.75 | 05-Nov | 25-Nov |
| LLUB.N (CHEVRON LUBRICANTS LANKA PLC) | Rs. 7.00 | 06-Nov | 26-Nov |
| WATA.N (WATAWALA PLANTATIONS PLC) | Rs. 0.80 | 09-Nov | 27-Nov |
