Share Market News Today Sri Lanka EP 44

Share Market News Today Sri Lanka EP 44

Table of Contents

⚠️ කාලගුණ පුවත්: අදත් හවසට ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද(02) පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

සයිබර් ප්‍රහාරයෙන් පසු Binance පරිශීලකයින් ඩොලර් බිලියන 3.6ක් ආපසු ගනී

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ආයතනයක් වන Binance සමාගමට එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් පසු Binance පරිශීලකයින් රැසක් සිය වත්කම් නැවත ලබා ගෙන තිබේ.

Binance සමාගම සිය X ගිණුමේ සඳහන් කර ඇත්තේ ඇත්තේ පරිශීලකයින් විසින් ඩොලර් බිලියන 3.64ක සිය වත්කම් නැවත ආපසු ලබා ගෙන ඇති බවය.

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වැඩිවීමක් නෑ

ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු මිල සූත්‍රය අනුව 04%ක ප්‍රතිශතයකට පැමිණ නැති බැවින් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවය.

ඉන්ධන මිල ඉහළට

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත.

කෙසේවෙතත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත. ඒ අනුව  භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 කි.

මාස 9ක් තුළ ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 4,400 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 09ක කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 4,400 ඉක්මවා වැය කර තිබේ.

ඒ අනුව වසරේ මාස 09ක කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා මෙරට විසින් වැය කර ඇති සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 4,487.2කි.

එය පසුගිය වසරේ එම කාලය හා සංසන්ධනය කිරීමේදී 51.5%කින් වැඩිවීමක් බවද සඳහන් වේ.

වර්ෂාවෙන් අස්වනු හානි වීමත් සමග එළවළු මිල තවදුරටත් ඉහළට

වෙළඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

උඩරට එළවළු බෙදාහරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ක් ලෙස සටහන් වන අතර ගෝවා කිලෝවක මිල රුපියල් 450ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

වර්ෂාවත් සමග එළවළු අස්වනු විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් පවසා සිටියේ.

ඉරානය සමග යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්

ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ප්‍රකාශ කර තිබෙනවා.
 
ඉරානයේ තවත් ඉලක්ක එකක් හෝ දෙකක් සම්බන්ධයෙන් ඇමරිකාව කටයුතු කිරීමට ඉතිරිව ඇති බවයි ඊයේ (01) දින ඔහු සඳාහන් කර ඇත්තේ.
 
එමෙන්ම, ඉරානය තුළ තවදුරටත් අවධානය යොමු කළ යුතු ඉලක්ක එකක් හෝ දෙකක් පවතින බවත්, ඒ අතර සැකකටයුතු න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ද ඇතුළත් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
 
මේ අතර, යුද්ධය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය කටයුතු නොකළ යුතු බවට ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමේනි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන අතර, යළිත් යුද්ධයක් ඇති වුවහොත් ඉරානයේ ප්‍රහාර සඳහා භූගෝලීය සීමාවන් නොමැති වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර, ඉරානයට එරෙහිව යළිත් හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසනවා.
 
කෙසේ වෙතත්, අවශ්‍යතාවක් මතුවුවහොත් හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අමෙරිකාවට අවශ්‍ය හැකියාව සහ සම්පත් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ රබර් අපනයනයෙන් ඩොලර් මිලියන 674ක ආදායමක් – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

කොළඹ උද්ධමනය 8.3%ක් දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 8.0හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 8.7හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, එම කාලය තුළ දී ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7හි සිට සියයට 8.0 දක්වා ඉහළ ගියේය.

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
HPL.N (Hatton Plantation) Rs. 1.00 14-Oct 02-Nov
PKME.N (DIGITAL MOBILITY SOLUTIONS LANKA PLC) Rs. 2.75 05-Nov 25-Nov
LLUB.N (CHEVRON LUBRICANTS LANKA PLC) Rs. 7.00 06-Nov 26-Nov
WATA.N (WATAWALA PLANTATIONS PLC) Rs. 0.80 09-Nov 27-Nov
Rate this Post