Table of Contents
⚠️ කාලගුණ පුවත්: ඔර්නබ් ඉන්දියාවට කඩාවදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතී.
එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහුට පසුබෑමක් – බලය අල්ලන සටන උණුසුම්!
ඊශ්‍රායල මහ මැතිවරණයේ පිටවී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාර්ශ්වයට පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර, කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතර බලයක් හිමි නොවන තත්ත්වයක් මතුව තිබේ.
කෙසේ වෙතත්, ප්‍රතිවාදී නායක ගාඩි අයිසන්කොට්ගේ සන්ධාන කණ්ඩායමට ආසන දෙකක වාසියක් හිමිව ඇති බව ඊශ්‍රායලයේ ප්‍රධාන රූපවාහිනී නාලිකා තුනක් විසින් යාවත්කාලීන කරන ලද ඡන්ද ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇත.
එම ප්‍රක්ෂේපණ අනුව, අයිසන්කොට්ගේ කණ්ඩායමට ආසන 52ක් ද, නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට ආසන 50ක් ද හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉතිරි ආසන 18 අරාබි පක්ෂ වෙත හිමිවනු ඇතැයි ද එම ප්‍රතිඵලවලින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, අරාබි පක්ෂ සමඟ ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීමට ආසන්න ස්ථාවරයක අයිසන්කොට් පසුවන බැවින්, ඔහුගේ කණ්ඩායමට බහුතර බලයක් ලබාගැනීම අභියෝගයක් වී ඇත.
මේ අතර, නෙතන්යාහුට හිතවාදී චැනල් 14 ඇතුළු ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය ආයතන වාර්තා කර ඇත්තේ නෙතන්යාහුගේ පාර්ශ්වයට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවයි. එම වාර්තාවලට අනුව ඔහුගේ පාර්ශ්වයට ආසන 60ක් හිමිවිය හැකිය
නවසීලන්තය ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි
ලෝකයේ දියුණු රටවල් රැසක්ම මේ වනවිට සංක්‍රමණිකයින් සීමා කිරීමට දැඩි පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව 27 සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය විසා නීති දැඩි කිරීමට නවසීලන්තය තීරණය කර ඇත.
මේ යටතේ පර්යේෂණ පදනම් කරගත් ශාස්ත්‍රපති උපාධිය සඳහා නවසීලන්තයට පැමිණ සිටින විදෙස් අයදුම්කරුවන්ට ලබාදී තිබූ අසීමිත රැකියා අයිතිවාසිකම ඉවත් කර එය සතියකට පැය 25 දක්වා සීමාකර තිබේ.
එමෙන්ම අයදුම්කරුවන්ගේ ඉංග්‍රීසි භාෂා සුදුසුකම ද දැඩිව සලකා බලන අතර, ශිෂ්‍ය වීසා අත්හිටුවීමට සංක්‍රමණික නිලධාරීන්ට වැඩි නිදහසක් ද මෙමගින් ලබා දී ඇති බව වාර්තා වේ.
චීන AI සහ අර්ධසන්නායක කොටස් වෙළඳපොළ 40%කින් කඩාවැටෙයි
චීනයේ AI (කෘතිම බුද්ධිය) සහ අර්ධසන්නායක (semiconductor) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල කොටස් අගය මාස හතරකටත් අඩු කාලයක් තුළ 40% කින් කඩාවැටෙමින්, ප්‍රධාන STAR50 දර්ශකය ද පහත වැටී තිබෙනවා.
මෙලෙස ඩොලර් බිලියන 480 ක පමණ වෙළඳපොළ අගයක් විනාශ වී යාම, දැනටමත් අස්ථාවර මට්ටමක පවතින ලෝක වෙළඳපොළට අයහපත් පූර්ව ලක්ෂණයක් වන අතර, AI ක්ෂේත්‍රයේ ප්‍රබෝධයට අරමුදල් සැපයීම සඳහා චීන මුදල් ඉතිරිකරන්නන් කොටස් වෙළඳපොළට යොමු කිරීමට චීනය දරන උත්සාහයට ද විශාල බාධාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
එමෙන්ම, ආර්ථික උත්තේජන පොරොන්දු හේතුවෙන් කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වසර දෙකක් පුරා පැවැති කොටස් වෙළඳපොළේ වර්ධනය අඩාල කිරීමට ද මෙය හේතු වී තිබෙනවා.
චීනයේ ප්‍රධාන blue-chip දර්ශකය ද පසුගිය ජූනි මාසයේ පැවැති ඉහළම අගයන්ගේ සිට 20% කින් පමණ පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙමින් ඉන්දීය සංචාරකයින්ගේ උත්සව සමයේ සංචාරක නැඹුරුව ඉහළට
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල එළඹෙන දුසේරා, දුර්ගා පූජා සහ දීපාවලි වැනි උත්සව සමයේදී, ඉන්දීය සංචාරකයින් සාම්ප්‍රදායික නිවාඩු රටාවෙන් ඔබ්බට ගොස් සංස්කෘතික හා විනෝදාත්මක අත්දැකීම් සොයා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. Agoda ඩිජිටල් සංචාරක වේදිකාවේ සෙවුම් දත්ත වලට අනුව, මෙවර ජාත්‍යන්තර සංචාරක ගමනාන්ත අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ සෙවුම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 262% කින් පමණ ඉහළ ගොස් ඇත.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|
