බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
එසේම ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන දිරිගැන්වීමෙහිලා ප්‍රධාන සාධකය බවට පත්ව ඇති බව පෙන්වා දුන් සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානීහු, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පවතින ඉහළ විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් (Logistics) සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාව එම අංශවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගත හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා.
මෙම ආයෝජන අවස්ථාවලදී 90%ක්ම දේශීය ශ්‍රමය යොදාගන්නා බවත්, එමගින් මෙරට විශාල පිරිසකට නව රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට හැකි වන බවටත් චීන සමාගම් ප්‍රධානීන් මෙහිදී සහතික වුණා.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියා.
තවද, සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ ටෑං චියාඕලියං (TANG QIAOLIANG), ඒකාබද්ධ අංශයේ නියෝජ්‍ය කළමනාකරු ජි හයිජුන් (JI HAIJUN), සීමාසහිත චීන වරාය ඉංජිනේරු සමාගමේ (CHEC) සාමාන්‍යාධිකාරී ෂැං ෂියාඕචියැං (ZHANG XIAOQIANG), CHEC ශ්‍රී ලංකා අංශයේ සාමාන්‍යාධිකාරී වෑං ගෑං (WANG GANG) සහ කොළඹ වරාය නගරයේ CHEC කළමනාකාර අධ්‍යක්ෂ ෂියොං හොංෆෙං (XIONG HONGFENG) ඇතුළු නියෝජිත පිරිසක්ද එක් වුණා.
මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි දෙකක් සහ ඝනමීටර 10,000ක ටැංකියක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව Indo-East Engineering සහ Ceylex Engineering ඒකාබද්ධ සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.04ක සහ රුපියල් මිලියන 2,796.14ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුකූලව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීම වෙනුවෙන් පිහිටුවන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත 2026 වසරේදී රුපියල් මිලියන 800ක සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එළඹෙන සැප්තැම්බර් මාසයේදී නව පත්ල පහත් බස් රථ 112ක් සේවයට එක්කිරීමට නියමිත අතර ඊට සමගාමීව තලංගම, කඩවත, රත්මලාන සහ හෝමාගම ප්‍රදේශවල නවීන බස් ඩිපෝ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ.
රජය සතු බංගලා කිහිපයක් ඵලදායී ආර්ථික උපයෝගීකරණය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දැන්වීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ 05, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය යන ලිපිනයේ පිහිටි B-13, B-14, B-20 යන බංගලා ද, කොළඹ 05, පැජට් පාර යන ලිපිනයේ ඇති C-61 සහ C-62 යන බංගලා ද, කොළඹ 05, ස්කෙල්ටන් පාර යන ලිපිනයේ ඇති E-01 සහ E-02 යන බංගලා ද සඳහා මෙම යෝජනා කැඳවා තිබෙනවා.
එහිදී එම ස්ථානවල රජය විසින් යෝජනා කර ඇති ව්‍යාපෘති ලෙස කැෆේ, අවන්හල්, සංචාරක වෙළෙඳසැල් ආදිය නම් කර ඇති අතර, මෙම ස්ථාන වසර 30 ක බදු පදනම මත පෞද්ගලික ආයෝජකයන් වෙත පිරිනැමීම සිදු කරන බවයි සඳහන් වන්නේ.
වියළි කාලගුණය හේතුවෙන්, වනෝද්‍යානවල සිටින සතුන්ට බවුසර් මඟින් ජලය ලබාදීම ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, යාල, විල්පත්තුව, කුමන සහ බුන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා මෙසේ ජලය ලබා දෙන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ
මේ දිනවල ප්‍රදේශ කිහිපයකට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, ජල හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
විදේශ රැකියාවල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යවසායකයින්හට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම්වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරනු ලැබ ඇත.
Sri Lanka’s tourist arrivals opened August on a weaker note than a year earlier, with 42,810 visitors recorded between August 1 and 6, down 8 percent from the 46,541 arrivals over the same six days last year, according to data from the Sri Lanka Tourism Development Authority (SLTDA).
