Table of Contents
SLT සමූහයේ 2026 පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල මාධ්‍යයට එළිදක්වයි.
ජාතික ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රධානතම තාක්ෂණික හවුල්කරුවා ලෙස SLT-MOBITEL සමූහය ලබා ඇති මූල්‍ය ප්‍රගතිය හුදෙක් ව්‍යාපාරික ජයග්‍රහණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ගමනේ ප්‍රබල ඉදිරි පිම්මක් බව සටහන් කරමින්, SLT-MOBITEL 2026 පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල එළිදැක්වීමේ මාධ්‍ය හමුව අගෝස්තු 17 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ ගෝලීය ආර්ථික අභියෝග සහ බලශක්ති පිරිවැය ඉහළ යාම හමුවේ වුවද 2026 වසරේ දෙවන කාර්තුව තුළ SLT සමූහයේ ආදායම 11.1% කින් ඉහළ යාම සහ බදු පසු ලාභය 54.4% ක කැපී පෙනෙන වර්ධනයක් (රුපියල් බිලියන 6.6 ඉක්මවූ ලාභයක්) සටහන් කිරීම සමූහයේ ස්ථාවර භාවය සහ විශිෂ්ට කළමනාකරණය මැනවින් තහවුරු කරන බවයි. එමෙන්ම 2025 වසර තුළ රජයේ බදු සහ ගාස්තු ලෙස රුපියල් බිලියන 33.7 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දෙමින් රාජ්‍ය ආදායමට ලබාදුන් විශාල දායකත්වය ද එතුමාගේ ඇගයීමට ලක්විය.
තවද, රට පුරා ක්‍රියාත්මක කෙරෙන Fibre රැහැන් පද්ධති, e-රාජ්‍ය සේවා බලගන්වන Lanka Government Network (LGN) සහ Lanka Government Cloud (LGC) යටිතල පහසුකම්, මාතරින් ගොඩබිමට සම්බන්ධ කළ SEA-ME-WE 6 ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතිය මෙන්ම, දිවයින පුරා පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක පාසල් Fibre සබඳතා ව්‍යාපෘතිය (School Fiberization Project) ඔස්සේ නාගරික හා ග්‍රාමීය ඩිජිටල් පරතරය නැති කිරීමට SLT-MOBITEL ලබාදෙන දායකත්වය අතිශය ප්‍රශංසනීය බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිත “Sri Lanka AI Week 2026” ජාතික වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව AI තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට විශාල පිටිවහලක් ලැබෙන බවද එතුමා පැවසීය.
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
මේ මාසයේ මුල් දින 16 තුළදී සංචාරකයින් 113,307 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 25,355ක්.
එය සමස්ත පැමිණීම්වලින් 22%ක ප්‍රතිශතයක් ලෙස දැක්වෙනවා.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,738ක් සහ ප්‍රංශයෙන් 8,106ක් අදාළ කාලසීමාව තුළ පැමිණ තිබෙන බවයි සඳහන්.
මේ අනුව ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු 16 වැනිදා තෙක් මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,456,725ක්.
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ සුළු, මධ්‍ය පරිමාණ සහ සමුපකාර වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව පොලී රහිත සහන ණය ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙට්‍රික් ටොන් 25ක උපරිම කෙටුම් ධාරිතාවක් සහිත වී මෝල් සඳහා මෙම සහන ණය පහසුකම හිමිවන අතර, ඊට සුදුසුකම් ලබන වී මෝල් හිමියන්ට තමන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස අමාත්‍යාංශය දැනුම් දෙනවා.
⚠️ කාලගුණ පුවත්:
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමට යෝජනාවක්
මගී ඩ්‍රෝන යානා සේවාවක් මෙරට තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
අදාළ සේවාව සැපයීමට ඉදිරිපත්ව සිටින චීනයේ ඊ-හැන්ග් සමාගමේ නියෝජිත කණ්ඩායමක් ද ඊට එක්ව සිටි බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
මගී ඩ්‍රෝන යානා මෙහෙයුම් ශ්‍රී ලංකාවේ වාණිජ වශයෙන් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, හදිසි මෙහෙයුම්, සයිබර් ආරක්ෂාව හා ගොඩබැස්වීමේ ස්ථාන ඇතුළු සියළු කරුණු සම්බන්ධයෙන් බලධාරින්ගේ විධිමත් අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍ය බව අමාත්‍ය අනුර කරුණාතිලක එහිදී අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරන්නේ බැංකු පද්ධතිය හරහා එවන විදේශ විනිමය මත අමතර බදු අය නොකරන බවයි.
විදේශගත සේවකයෙකු ලංකාවේ බදු නේවාසිකයෙකු නොවේ නම්, ඔවුන් විදේශයන්හි උපයන ආදායම මත ශ්‍රී ලංකාවේදී බදු අය නොකෙරේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් නිල වශයෙන් පැහැදිලි කරන ලද පරිදි, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට මුදල් එවීම සම්බන්ධ බදු ප්‍රතිපත්තිය පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙසේය
විදේශගත ශ්‍රී ලාංකිකයන් තමන් නීත්‍යානුකූලව උපයන මුදල් නිල බැංකු පද්ධතිය (Formal Banking System) හරහා ලංකාවට එවීමේදී කිසිදු අමතර බද්දක් අය නොකෙරේ. මුදල් බැංකුවකින් ලබාගන්නා විට හෝ බැංකු ගිණුමකට බැර වන විට වෙන වෙනම බදු අය කිරීමක් සිදු නොවේ
විදේශ රැකියා නියුක්තිකයන්ට තමන් උපයන විදේශ විනිමය නිල බැංකු නාලිකා ඔස්සේ ලංකාවට ගෙනවිත්, බදු බියකින් තොරව මෙරට තුළ නීත්‍යානුකූලව ආයෝජනය කිරීමට පූර්ණ අවස්ථාව පවතී
නීති විරෝධී ක්‍රමවලින් (උන්ඩියල්/හවාලා) වළකින්න බදු අය කරනු ඇතැයි පවතින අනවශ්‍ය බිය හේතුවෙන් උන්ඩියල් හෝ හවාලා වැනි නීති විරෝධී සහ අවිධිමත් ක්‍රම හරහා මුදල් එවීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. එවැනි ක්‍රම මඟින් පුද්ගලික මුදල් අවදානමට ලක්වන අතර රටේ ආර්ථිකයටද හානි සිදු වේ.
ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස සැලකීමට පියවර
ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් ප්‍රේෂණය කර ඉන් අනතුරුව සාධාරණ කාලසීමාවක් තුළ ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැනි ප්‍රේෂණය කිරීමක් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකිය හැකිය.
විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ එවැනි අනවසර මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන වන ශ්‍රී ලංකා රුපියල්වලින් වන මුදලක් මූල්‍ය දඩයක් වශයෙන් පැනවීම පමණි. එවැනි අනවසර අරමුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස අර්ථ දක්වා නොමැති බැවින්, අපරාධ නඩු පැවරීමක් සඳහා වන නෛතික ප්‍රතිපාදන ද එම පනතේ අඩංගු නොවේ.
SDB බැංකුව ආයතනික සහ ව්‍යාපාරික බැංකු සේවා පුළුල් කරමින් යුනියන් පෙදෙසේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කරයි
SDB බැංකුව ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 167 දරන ස්ථානයේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කර ඇත. කොළඹ ප්‍රමුඛ වාණිජ කලාපයක පිහිටි මෙම නව මධ්‍යස්ථානය මගින්, විශේෂිත මූල්‍ය විසඳුම් ලබා දීම, ආයතනික ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම සහ ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් මෙන්ම ඉහළ ශුද්ධ වත්කම් සහිත ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප හා පහසු බැංකු සේවාවක් ලබා දීම අරමුණු කර ඇත.
කොළඹ ප්‍රධාන වාණිජ කලාපයක සිය බැංකුකරණ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව සිය නව ව්‍යාපාරික මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත. මෙමගින් ආයතනික කළමනාකාරීත්වය, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයන්, ආයතනික ගනුදෙනුකරුවන් සහ ඉහළ මූල්‍ය වටිනාකමක් සහිත පුද්ගලයින් වෙත බැංකුව තවදුරටත් සමීප කරවීමට අපේක්ෂිතය. පැහැදිලි දැක්මක් සහ අරමුණක් සහිත මූල්‍ය ආයතනයක් ලෙස SDB බැංකුව, ප්‍රජාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා ආයෝජන යොමු කරමින්, ව්‍යාපාරික පාර්ශ්වකරුවන් හා ජාතික සංවර්ධනය අතර අර්ථවත් සබඳතාවක් ගොඩනැගීමට අපේක්ෂා කරයි. මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ බැංකුවේ සම්බන්ධතාව තවදුරටත් පුළුල් කරන අතර, ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා සමූහයේ වර්ධනය සඳහා නව මාවත් විවර කරනු ඇත.
2026 ප්‍රථම අර්ධය තුළ DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනී
අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කරන ලද විධිමත් ක්‍රමවේදයන්ට සමගාමීව, 2026 වසරේ ප්‍රථම අර්ධය තුළදී සිය මූලික බැංකු මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කිරීමට DFCC බැංකුව සමත් වී ඇත. මේ හරහා ණය ප්‍රදානයන්, තැන්පතු, ගාස්තු ආදායම් සහ මුළු වත්කම් යනාදී අංශ ගණනාවකින් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට බැංකුවට හැකි වී තිබේ.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලපරිච්ඡේදය සඳහා DFCC සමූහය රුපියල් බිලියන 4.1 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් හරහා රුපියල් බිලියන 3.9 ක බදු පසු ලාභයක් (PAT) අත්කර ගැනීමට සමත් විය. 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව බැංකුවේ ණය කළඹ 9% කින් වර්ධනය වී රුපියල් බිලියන 564 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තැන්පතු ප්‍රමාණය 12% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 632 ක් ලෙස සටහන් විය. එමෙන්ම බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය 7% කින් පුළුල් වෙමින් රුපියල් බිලියන 919 ක් දක්වා වර්ධනය වී තිබේ.
බැංකුවේ ප්‍රධාන ආදායම් මාර්ගයන්හි ධනාත්මක ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින්, ශුද්ධ පොළී ආදායම 6% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 16.1 ක් ලෙස සටහන් විය. වෙළඳ කටයුතු ආශ්‍රිත කොමිස් ආදායම් සහ කාඩ්පත් සේවා වර්ධනය වීම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 29% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 4.2 ක් දක්වා ඉහළ ගියේය.
2026 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්. සේවා නියුක්තියත් ඉහළට
2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.
නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සමස්ත වර්ධනයට ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතු විය. නිෂ්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ ධනාත්මක අපේක්ෂාවන් පිළිබිඹු කරමින්, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් උප දර්ශක ජූලි මාසයේ දී වර්ධනය විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දීර්ඝව පැවති අතර, එමගින් සැපයුම් දාමයේ පවතින අඛණ්ඩ පීඩනයන් පෙන්නුම් කෙරේ.
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් වාර්තා කළේය.
2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය.
ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට 5.2කින් ද ඉහළ ගියේය.
2025 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යෑමක් දක්නට ලැබුණි.
මෙහි දී, 2025 වසරේ දෙවන භාගයේ දී වාර්තා කළ අගයන්ට සාපේක්ෂව නේවාසික සහ කාර්මික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.
ණය සහ අත්තිකාරම් රු. බිලියන 224 කින් ඉහළ නංවමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩනයන් හමුවේ වුවද සාර්ථකව ඉදිරියට යමින්, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා HNB සමූහය රු. බිලියන 22.5 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 23.1 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය කාර්යසාධනය මඟින් බැංකුවේ ශක්තිමත් ශේෂ පත්‍රය වර්ධනය මැනවින් පෙන්නුම් කරන අතර වසරේ පළමු අර්ධයේදී ණය සහ අත්තිකාරම් සේවා රු. බිලියන 224 කින් සහ තැන්පතු රු- බිලියන 138 කින් ඉහළ ගොස් ඇත. මේ අතර Net Stage 3 අනුපාතය 1.17% ක් ලෙස පවත්වා ගනිමින් වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කර ගැනීමට ද බැංකුව සමත්ව ඇත.
බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව 21% කින් ඉහළ ගොස් රු. බිලියන 55.2 ක් වූ අතර, ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2025 වසරේ පැවති 4.26% සිට 4.40% දක්වා වර්ධනය විය. ශක්තිමත් ණය ලබාදීමේ ප්‍රවණතාවය මීට ප්‍රධාන වශයෙන් හේතු විය. එහිදී වෙනස් වන පොලී අනුපාත නිසා අරමුදල් පිරිවැය ඉහළ ගියද, ණය සහ අත්තිකාරම්වලින් ලැබුණු ඉහළ පොලී ආදායම හේතුවෙන් එම පීඩනය මඟහරවා ගැනීමට බැංකුවට හැකි විය.
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment |
|---|---|---|---|---|---|
| JKL.N0000 (JOHN KEELLS PLC) | Rs. 0.33 | First | 19-Aug | 20-Aug | 9-Sep |
| ONAL.N0000 (ON’ALLY HOLDINGS PLC) | Rs. 1.40 | Final | 21-Aug | 24-Aug | 11-Sep |
| CTC.N0000 (CEYLON TOBACCO COMPANY PLC) | Rs. 41.00 | Second | 24-Aug | 25-Aug | 14-Sep |
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment | Announcement Date (Open Price / Close Price) |
|---|---|---|---|---|---|---|
| JKH (John Keells) | Rs. 2.50 | First Interim | 2026-08-20 | 2026-08-22 | 2026-09-05 |
2026-08-15
Open: Rs. 180.00 | Close: Rs. 182.50 |
| SAMPATH (Sampath Bank) | Rs. 4.00 | Final | 2026-08-25 | 2026-08-27 | 2026-09-10 |
2026-08-15
Open: Rs. 75.00 | Close: Rs. 76.20 |
