ජනශක්ති සමූහ ව්‍යාපාරය, Continental Insurance Lanka හි අයිතිය අත්පත් කරගැනීමට ගිවිසුම්ගත වෙයි සහා තවත් පුවත්

ජනශක්ති සමූහ ව්‍යාපාරය, Continental Insurance Lanka හි අයිතිය අත්පත් කරගැනීමට ගිවිසුම්ගත වෙයි සහා තවත් පුවත්

Table of Contents

දින 250ක් මුහුදේ – ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් දුක්ගැනවිලි

ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා දිගුකාලීනව යොදවා ඇති අමෙරිකාවේ USS Abraham Lincoln ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය දැඩි මානසික පීඩනයකට හා දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව අමෙරිකානු සහ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

​එම නෞකාවේ නාවිකයින් සහ සෙබළුන් 5,000ක් පමණ මාස 9 ක් තිස්සේ නෞකාව තුළ දිවි ගෙවන අතර, ගොඩබිමට පැමිණීමකින් තොරව අඛණ්ඩව දින 250ක් ගත කර තිබෙනවා.

මෙම නෞකාව මැදපෙරදිගට මෙහෙයුම්වලින් ආපසු ගෙන්වා ගැනීම දිගින් දිගටම කල් දමා ඇත්තේ මැදපෙරදිග ගැටුම්වල නිමාවක් දක්නට නොමැති වීම හේතුවෙන්.

⚠️ කාලගුණ පුවත්:

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

මෙම ප්රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු-මැද, වයඹ, මධ්යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

2024 දී GSP+ හරහා ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 139ක බදු සහනයක් : 2027 දී කොන්දේසි තද වෙයි

යුරෝපා සංගමය ලබාදෙන GSP+ සහනය හරහා 2024 වසරේදී පමණක් යුරෝ මිලියන 139ක ආනයන බදු සහනයක් මෙරටට හිමිවී ඇති බව යුරෝපා සංගමයේ නවතම ඇගයීම් වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත්, 2027 වසරේ සංශෝධිත GSP කොන්දේසි අනුව ශ්රී ලංකාව GSP+ සුදුසුකම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා තවත් ප්රතිසංස්කරණ සිදු කිරීම අවශ්ය බවයි යුරෝපා කොමිසම අවධාරණය කරන්නේ.

ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මාර්ගගත ක්රමවල සුරක්ෂිතතා පනත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම, මරණ දඬුවම වහාම අත්හිටුවීම සහ ආගමික, වාර්ගික හා ලිංගික සුළුතරයන් සඳහා සඵලදායී නීතිමය ආරක්ෂාවක් ලබා දීම ඒ අතර ප්රධානයි.

ත්රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස රැඳවුම් භාරයට ගැනීම සඳහා තවදුරටත් මෙවලමක් ලෙස භාවිත කිරීම,අන්තර්ජාල සුරක්ෂිතතා පනත සඳහා පොරොන්දු වූ සංශෝධන ද තවමත් නිම කර නොමැති වීම, පොලිස් හිරිහැර කිරීම්, අත්අඩංගුවේ පසුවන අතරතුර සිදුවන මරණ, උතුරු ප්රදේශයේ විසඳී නොමැති ඉඩම් ආරවුල් සහ දෙපාර්ශ්වයේ කැමැත්තෙන් සිදුවන සමලිංගික සබඳතා අපරාධමය නොවන බවට පත්කිරීමේ නීති නොමැතිකම බරපතල බාධාවක් ලෙස සලකන බවයි යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

2026 ජූලි මාසයට අදාළ VAT බද්ද අගෝස්තු 20 වැනිදා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නියමිත දිනයට පසුව ගෙවන VAT සඳහා නීත්යානුකූල දඩ අය කෙරෙන අතර, චෙක්පත් හෝ බැංකු කෙටුම්පත් ප්රමාද වී ලැබුණද එය ප්රමාද ගෙවීමක් ලෙස සලකනු ලැබේ.

එමෙන්ම ජූලි මාසයේ VAT වාර්තාව අගෝස්තු 31ට පෙර Online ඉදිරිපත් කළ යුතු අතර, Withholding Tax අගෝස්තු 15ට පෙර ගෙවිය යුතු බවද IRD දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

සුවිශේෂී කරුණු

  • අඩු මට්ටම්වල සිට තීව්‍ර ලෙස ඉහළ ගිය මතුපිට උද්ධමනය, නුදුරු කාලයේ දී තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් අනතුරුව 5% ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි පුරෝකථනය කෙරේ.
  • උද්ධමනකාරී පීඩන පාලනය කිරීම සහ උද්ධමන අපේක්ෂා විතැන් වීම සඳහා පැවතිය හැකි අවදානම අවම කිරීමේ අරමුණින් මහ බැංකුව 2026 වසරේ මැයි මාසයේ දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කළේය.
  • මෑතකාලින ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් පෞද්ගලික අංශයේ ණය වර්ධනය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • මැදපෙරදිග යුද්ධය හේතුවෙන් එල්ල වන බලපෑම් හමුවේ වුව ද විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවතී.
  • භූ දේශපාලනික සහ කාලගුණික අවිනිශ්චිතතා හේතුවෙන් අවදානම් මතු විය හැකි වුව ද ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම බොහෝ දුරට ස්ථායීව පවතී.

ජනශක්ති සමූහ ව්‍යාපාරය, Continental Insurance Lanka හි අයිතිය අත්පත් කරගැනීමට ගිවිසුම්ගත වෙයි. රු. බිලියන 5.14ක ගනුදෙනුවක්

ජනශක්ති සමූහ ව්‍යාපාරය (Janashakthi PLC – JXG) විසින් Continental Insurance Lanka Limited (CILL) හි 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා එහි එකම කොටස් හිමිකරු වන Melstacorp PLC (MELS) සමඟ කොටස් මිල දී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව සිදුවනු ඇත.

මේ යටතේ JXG විසින් Continental Insurance Lanka Limited හි පාලක කොටස් හිමිකාරිත්වයෙන් 81%ක කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට නියමිත අතර ඉතිරි කොටස් ප්‍රමාණය අදියරෙන් අදියර අත්පත් කර ගැනීමට නියමිතය. ඒ පළමු වසරේ දී 9%ක් හා ඊළඟ වසරේ දී 10%ක් වශයෙන් එම කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමෙනි.

Contact us