Share Market News Today Sri Lanka EP 48

Share Market News Today Sri Lanka EP 48

Table of Contents

⚠️ කාලගුණ පුවත්: අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (06) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.

TIN අංකය අනිවාර්යය කිරීම අප්‍රේල් 01 වැනිදා දක්වා කල් යයි

නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN අංකය අනිවාර්යය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට 2027 අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ දැනටමත් TIN අංකය සඳහා ලියාපදිංචිවී ඇති පුද්ගලයින්ට එය වඩාත් පහසු ක්‍රමවේදයන් ඔස්සේ ලබාගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

එමෙන්ම මේ දක්වා එම අංකය ලබාගෙන නොමැති පුද්ගලයන්ට මාර්ගගතව ඊ-සේවාව ඔස්සේ TIN ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම්දෙනු ලබයි. 

2026 සිව්වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවේ -NSO

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව NSO පෞද්ගලික ආයතනය අවධාරණය කර තිබේ.

ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ (El Niño ) කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. 

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල හමුවේ ගෝලීය කොටස් වෙළඳපොළ දැවැන්ත කඩාවැටීමක - AI තාක්ෂණික සමාගම්වලට ඩොලර් බිලියන ගණනක අලාභයක්

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ සංවර්ධනය මන්දගාමී වනු ඇතැයි නැගී ආ බිය හේතුවෙන් අමෙරිකාවේ සහ ආසියාවේ ප්‍රධාන තාක්ෂණික සමාගම්වල වෙළඳපොළ අගයන් දැවැන්ත ලෙස පහත වැටී ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

AI තාක්ෂණයේ වර්ධනය පාලනය කිරීම සහ දත්ත මධ්‍යස්ථාන (Data centres) සීමා කිරීම මුල් කරගනිමින් ඩිමොක්‍රටික් පක්ෂය දියත් කළ මැතිවරණ ව්‍යාපාරයේ සාර්ථකත්වයත් සමඟ තාක්ෂණික සහ AI ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වල කොටස් මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටුණා.

'Travel & Taste Awards 2026' හිදී ශ්‍රී ලංකාවට වසරේ සුඛෝපභෝගී ආහාර ගමනාන්ත සම්මානය

එක්සත් රාජධානියේ පැවැති ‘Travel & Taste Awards 2026’ සම්මාන උළෙලේදී ‘වසරේ සුඛෝපභෝගී ආහාර සංචාරක ගමනාන්තය’ (Luxury Food Destination of the Year) සඳහා වන සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ආනයන, අපනයන සහ වෙළෙඳ කටයුතු විධිමත් කිරීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්.

බදු ව්‍යූහය සාධාරණ හා විධිමත් කිරීමක් මිස ජනතාව මත අමතර බදු බරක් පනවා නැහැ - ඇමති අනිල් ජයන්තගෙන් පැහැදිලි කිරීමක්

රජයේ අත්යවශ්ය සේවා පවත්වාගෙන යාම, අධ්යාපනය, සෞඛ්යය, සංවර්ධනය සහ යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්ය ආදායම සපයා ගැනීමේ ප්රධාන මූලාශ්රය බදු ආදායම බවත්, වත්මන් රජය සිදුකර ඇත්තේ අනවශ්ය ලෙස ජනතාව මත බදු පැටවීමක් නොව පැවැති බදු ව්යුහයේ දුර්වලතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් කිරීමක් බවත් කම්කරු අමාත්ය හා මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
LLUB.N (CHEVRON LUBRICANTS LANKA PLC) Rs. 7.00 06-Nov 26-Nov
WATA.N (WATAWALA PLANTATIONS PLC) Rs. 0.80 09-Nov 27-Nov
Rate this Post