Share Market News Today Sri Lanka EP 40

Share Market News Today Sri Lanka EP 40

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි

බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අද (26) දිනයේදී බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවද සඳහන් වේ.

ඉන් අනතුරුව, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (27) දිනය පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පහළට

පවතින වර්ෂාපතනයත් සමඟ උඩරට සහ පහතරට එළවළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් තිබේ.

මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ උත්සව සමය ළං වීමත් සමඟ එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර, බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලත් රු.20කින් ඉහළට

සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත.

IOC ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.

ප්‍රංශය පුරා විරෝධතා අතරතුර යළිත් දැවැන්ත ගැටුම්

ප්‍රංශය පුරා පැවති මහජන විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 1,300කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට බලධාරීන් පවසයි.

ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල පවතින දුර්වල තත්ත්වයන්ට එරෙහිව මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.

සෞදියේ රියාද් අගනුවර පිපිරීම් මාලාවක්

සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එහි අවම වශයෙන් පිපිරීම් තුනක් පමණ සිදුව ඇති බවය.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484දෙනෙකු මෙරටට පැමිණ ඇත.

මේ අතර, ඔක්තෝබර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සඳහන්.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානයට එරෙහිව ඉරිදා දිනයේදී ප්‍රහාරයක් එල්ල කිරීම හෝ එකඟතාවකට එළඹීම පිළිබඳව ඇමරිකාව සලකා බලමින් සිටින බවයි.
මේ අතර , අන්තර්වාර එකඟතාවක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා බිඳවැටීමට ඇමරිකාව වගකිව යුතු බවට ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් චෝදනා කරයි!

රු. මිලියන 51 ක මුදල් ත්‍යාග සහ 6,000 කට අධික ජයග්‍රාහකයින් සමඟ LankaQR ජාතික ‘වාසනා දිනුම් ඇදීම’ ආරම්භ කෙරේ

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ වැඩසටහන සිය ‘වාසනා දිනුම් ඇදීම’ (Lucky Draw) ළඟදීම ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි පළමු දිනුම් ඇදීම් 2026 ඔක්තෝබර් 27 වන දින පැවැත්වීමට නියමිතය. ලියාපදිංචියකින් තොරව රට පුරා පැවැත්වෙන මෙම දිනුම් ඇදීම මගින් ගනුදෙනුකරුවන් සහ වෙළඳුන් යන දෙපිරිස විසින්ම LankaQR ගෙවීම් දිනපතා භාවිතා කිරීම දිරිමත් කිරීම සහ ප්‍රතිලාභ ලබා දීම අරමුණු කෙරේ.

2026 සැප්තැම්බර් 01 වන දින සිට 2027 පෙබරවාරි 28 දක්වා සිදුකරනු ලබන සියලුම ගනුදෙනු මේ සඳහා සුදුසුකම් ලබන අතර, 2026 සැප්තැම්බර් 1 වන දින සිට LankaQR භාවිතා කර ඇති සෑම පාරිභෝගිකයෙකුම සහ වෙළෙන්දෙකුම කිසිදු කරදරයකින් තොරව ස්වයංක්‍රීයවම මේ සඳහා ඇතුළත් කර ගනු ලැබේ.

සහභාගිවන්නන්ට මුදල් ත්‍යාග වර්ග දෙකක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ:

  • රු. 5,000 ක සතිපතා දිනුම් ඇදීමේ ත්‍යාග (සතිපතා ජයග්‍රාහකයින් 250 දෙනෙකුට)
  • රු. 1,000,000 බැගින් වන මාසික මහා දිනුම් ඇදීමේ ත්‍යාග (ජයග්‍රාහකයින් දෙදෙනෙකුට), රු. 500,000 බැගින් (ජයග්‍රාහකයින් දෙදෙනෙකුට) සහ රු. 250,000 බැගින් (ජයග්‍රාහකයින් දෙදෙනෙකුට)

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සහ ආර්ථික සවිබල ගැන්වීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික අන්තර්ග්‍රහණය සහ සුභසාධනය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත. මෙම මූල්‍යාධාරය ඩොලර් මිලියන 50 ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් (policy-based loan) සහ ඩොලර් මිලියන 50 ක ව්‍යාපෘති ණයක් (project loan) ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
LCBF.N0000 (LANKA CREDIT AND BUSINESS FINANCE PLC) Rs. 0.20 26-Oct 12-Nov
UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) Rs. 48.00 27-Oct 13-Nov