Table of Contents
⚠️ කාලගුණ පුවත්: ශ්‍රී ලංකාව ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි: දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් වැසි වැඩිවෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (22) දිනයේදී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මැදපෙරදිග උණුසුම ඉහළට
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.
ඊශ්‍රායලය විසින් තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉරානයේ බටහිර දේශසීමා ආසන්නයේ ප්‍රහාරක යානා අභ්‍යාස පවත්වා ඇති බව වාර්තා වන පසුබිමක මෙම තර්ජනය කර ඇත.
මීට අමතරව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මොසාඩ් ආයතනයට, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට (IDF) සහ හමුදා බුද්ධි අංශයට ඉරාන පාලන තන්ත්රය පෙරළා දැමීමේ අරමුණින් කටයුතු කරන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 5ක අමෙරිකානු තානාපති කාර්යාලවල හදිසි නියෝග
සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, කටාර් සහ බහරේන් යන රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ටද එම රටවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
සැප්තැම්බර් මස උද්ධමනයත් 8.1%යි
2026 අගෝස්තු මාසයේ දී 8.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය, 2026 සැප්තැම්බර් මාසය සඳහා ද කිසිදු වෙනසක් නොවී 8.1% ක මට්ටමක පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.
කෙටි ආහාර සහ පරාටා මිලත් ඉහළට
කෙටි ආහාර මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව එහි සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පැවසුවේය.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| LCBF.N0000 (LANKA CREDIT AND BUSINESS FINANCE PLC) | Rs. 0.20 | 26-Oct | 12-Nov |
| UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) | Rs. 48.00 | 27-Oct | 13-Nov |
