Table of Contents
⚠️ කාලගුණ පුවත්: ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් – කාලගුණයෙන් අනතුරු ඇඟවෙයි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය, ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් හෝමුස් වසා තබනවා - ඉරානය යළි අවධාරණය කරයි
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බව ඉරානය යළි අවධාරණය කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තිරිඟු පිටි මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත.
ඉරානය සමග සාම ගිවිසුමකට එළඹීම අතිශය දුෂ්කරයි: අමෙරිකානු රාජ්‍ය ලේකම්
ඉරාන පාලනය සමග සාම ගිවිසුමකට එළඹීම ඉතා අසීරු කාර්යයක් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරාන පාලනය සමග එකඟතාවකට පැමිණීම අභියෝගාත්මක වී ඇති බවයි.
නව සාම සාකච්ඡාවලට අවතීර්ණ වීමට පෙර පූර්ව කොන්දේසියක් වශයෙන් ඇමරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක සහ යොදවා ඇති ආර්ථික පීඩන ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති පවසයි.
2026 මාස 08ක දී ඩොලර් මිලියන 171ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළන් ඉවතට
2026 අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 171.8 ක සමුච්චිත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ස්ථායීතා විවරණය 2026 වාර්තාවෙහි මේ බව දැක්වේ.
ඔක්තෝබරයේ දින 20ක දී රු. බිලියන 324ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි
කොටස් වෙළෙඳපොළේ ඊයේ (20) දින වාර්තා වූ මෙම පහළ යාමත් සමඟින් මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 7,224.21 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2026 ඔක්තෝබර් මාසය ආරම්භයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සටහන්ව තිබුණේ රු. බිලියන 7,548.18ක් ලෙසිනි. ඒ අනුව 2026 ඔක්තෝබර් මාසයේ පළමු දින 20 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ඇති මුළු වටිනාකම රු. බිලියන 323.97ක් වේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| LION.N0000 (LION BREWERY (CEYLON) PLC) | Rs. 40.30 | 20-Oct | 06-Nov |
| LCBF.N0000 (LANKA CREDIT AND BUSINESS FINANCE PLC) | Rs. 0.20 | 26-Oct | 12-Nov |
| UCAR.N0000 (UNION CHEMICALS LANKA PLC) | Rs. 48.00 | 27-Oct | 13-Nov |
