Table of Contents
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උදැසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන්.
හෝමුස් විවෘත කිරීමට අමෙරිකාව දුන් පිළිතුර ප්‍රමාණවත් නැහැ - ඉරානය කියයි
මූලෝපායිකව ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි 7 ට ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් පිළිතුර “ප්‍රමාණවත් නොවන” බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි (Mohsen Rezaei) ප්‍රකාශ කරනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර ඉරානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර, එහි සඳහන් වූයේ තම කොන්දේසි ඉටු කරන්නේ නම් දින 7 ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන බවයි.
ඉන් අනතුරුව කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඇමෙරිකාව ඊට සිය ප්‍රතිචාරය ලබා දී තිබුණා.
ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉරානය වෙත තවමත් අපහැදිලිව පවතින කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකාව පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.
රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති සටන් විරාමයක්: දෙපාර්ශ්වයම එකඟ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමේ ‘බලශක්ති විරාමයකට’ (Energy Ceasefire) දෙපාර්ශ්වයම එකඟ වූ බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.
ජනාධිපතිවරයාගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන බවත්, දෙපාර්ශ්වයම ඊට සිය එකඟතාව පළ කර ඇති බවයි.
NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්
NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්රකාශනවල මතු වූ අසාමාන්‍යතා, විගණන ක්‍රියාවලියේ පැවති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
පෑන් ඒෂියා බැංකුවේ රු. බිලියන 5ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්
පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්‍රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment | Announcement Date (Open Price / Close Price) |
|---|
