Share Market News Today Sri Lanka EP 29

Share Market News Today Sri Lanka EP 29

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (09) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවය.

මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බව ට්‍රම්ප් කියයි

නොවැම්බර් මස පැවැත්වෙන මධ්‍යවාර කොංග්‍රස් මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාරයක් එල්ල නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකාව සහ ඉරානය අතර මේ වනවිට ඵලදායී සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද ට්‍රම්ප් සඳහන් කර තිබේ.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණයට පෙර කිසිදු අවස්ථාවක ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බව ඔහු අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, ඉරාන වරායන් සම්බන්ධයෙන් අමෙරිකාව පනවා ඇති අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ට්‍රම්ප් පවසා තිබේ.

නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්‍රික් කාර්යාල පහකින්

නව යතුරුපැදි ලියාපදිංචිය දිවයිනේ දිත්‍රික්ක පහකදී ලබන 19 වැනිදා සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කළා.

අවශ්‍ය මූලික දැනුවත් කිරීම් සිදු කිරීමෙන් අනතුරුව, යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාලවලදී එලෙස නව යතුරුපැදි ලියාපදිංචි කිරීම ආරම්භ කරනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

මූලික අදියරේදී යතුරුපැදි ලියාපදිංචිය පමණක් මෙලෙස ආරම්භ කරන බවත්, පසුව එය සියලු මෝටර් රථ ලියාපදිංචිය දක්වා විහිදුවාලීමට බලාපොරොත්තු වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ මුදල් ආරක්ෂා කරගන්න. Quantum AI Limited සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න – SEC අනතුරු අඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළඳාම, ආයෝජන සේවා හෝ වෙනත් නියාමනය කරන ලද ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් බලපත්‍ර ලබා දී, ලියාපදිංචි කර හෝ අනුමත කර නොමැති බව නිල අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සුරැකුම්පත් කොමිසම අවධාරණය කර සිටී.

2020 දී මධ්‍යම පන්තියේ සිටි පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

මෙරට සමස්ත කුටුම්භ පාරිභෝජනය 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 9ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% සිට 70% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව සිදුකළ සමීක්ෂණයකට අනුව, මෙම සමස්ත වර්ධනය පිටුපස අසමාන ආදායම් ව්‍යාප්තියක් පවතින බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

2020 වසරට සාපේක්ෂව පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී කාණ්ඩ (Aspirers සහ Strugglers) වෙත පහත වැටී ඇති බව මෙම සමීක්ෂණයේ ප්‍රබල හෙළිදරව්වකි. ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආහාර, නිවාස සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය වියදම් සඳහා වෙන්කිරීමට සිදුවන පංගුව 2020 දී පැවැති 53% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති බව එය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
ALUM.N0000 (ALUMEX PLC) Rs. 0.20 9-Oct 21-Oct
KVAL.N0000 (KELANI VALLEY PLANTATIONS PLC) Rs. 0.20 9-Oct 21-Oct
HAYC.N0000 (HAYCARB PLC) Rs. 1.00 9-Oct 22-Oct
TPL.N0000 (TALAWAKELLE TEA ESTATES PLC) Rs. 0.80 9-Oct 21-Oct
SINS.N0000 (SINGER (SRI LANKA) PLC) Rs. 0.34 9-Oct 22-Oct
DIPD.N0000 (DIPPED PRODUCTS PLC) Rs. 0.96 9-Oct 22-Oct