Table of Contents
ජූලි මාසයේදී ශ්රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන දත්තවලට අනුව, ජූලි මාසයේදී ශ්රී ලංකාවේ උද්ධමන අනුපාතය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
ජූනි මාසයේදී 6.5% ක් ලෙස සටහන් වූ සමස්ත උද්ධමනය, ජූලි මාසයේදී 7.2% දක්වා ඉහළ ගොස් තිබේ.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ පැවති 3.3% සිට ජූලි මාසයේදී 4.9% දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 9.3% සිට ජූලි මාසයේදී 9.2% දක්වා මඳක් පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ සිගරට් නිෂ්පාදනය 32%කින් පහළට
දුම්කොළ නිෂ්පාදන මත අඛණ්ඩව බදු ඉහළ නැංවීම හේතුවෙන් 2022 සහ 2025 අතර කාලය තුළ මෙරට සිගරට් නිෂ්පාදනය 32%කින් පහත වැටී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර සිටියා.
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර විසින් මතු කරන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්ය අමාත්යවරයා මෙම අනාවරණය කළා.
රජයේ දුම්කොළ බදු ප්රතිපත්තියේ බලපෑම හේතුවෙන් 2022 වසරේදී බිලියන 2.8ක් වූ සිගරට් නිෂ්පාදනය 2025 වසර වන විට බිලියන 1.9 දක්වා අඩුවී ඇති අතර රජයේ ආදායම වැඩි කර ගැනීමට අමතරව, දුම්කොළ භාවිතය නිසා ඇති වන සෞඛ්ය පිරිවැය සහ අනෙකුත් සෘණාත්මක සමාජ-ආර්ථික බලපෑම් අවම කර ගැනීම සඳහා මෙම ප්රතිපත්තිය හඳුන්වා දුන් බව ඔහු සඳහන් කර සිටියේ.
2023 වසරේ සිට මේ දක්වා සිගරට් මත වන සුරාබදු අවස්ථා හතරකදී ඉහළ නංවා ඇති අතර, වැට් (VAT) බදු සහ ආයතනික ආදායම් බදු අනුපාතද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, 2023 ජනවාරි 1 සහ ජූලි 1 යන දිනවල සුරාබදු 20% බැගින් ඉහළ නංවන ලද අතර, 2024 ජනවාරි 1 වන දින උද්ධමන දර්ශක යාන්ත්රණය යටතේ 14%කින් සහ 2025 ජනවාරි 11 වන දින තවත් 5.9%කින් එය වැඩි කර ඇති බව සඳහන්.
මීට අමතරව, 2024 ජනවාරි 1 වන දින සිට වැට් බද්ද 15% සිට 18% දක්වා ඉහළ නංවන ලද අතර, 2025 අප්රේල් 1 වන දින සිට ආයතනික ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කරන ලද අතර 2025 ජනවාරි 11 දින සිට ක්රියාත්මක වන පරිදි සිගරට් එකක දිග අනුව රුපියල් 26.59 සිට රුපියල් 109.95 දක්වා වූ සුරාබදු ක්රමයක් මේ වන විට ක්රියාත්මක බවත් වැඩි කරන ලද දුම්කොළ බදු මඟින් මහජන සෞඛ්ය ආරක්ෂා කිරීමට මෙන්ම රජයේ ආදායම වර්ධනය කර ගැනීමට දායක වී ඇති බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
ශ්‍රී ලංකාවේ අන්නාසි පළමුවරට පාකිස්තාන වෙළඳපොළට
ශ්රී ලංකාවේ අන්නාසි පළමුවරට පාකිස්තාන වෙළඳපොළට අපනයනය කිරීම සඳහා ඇසුරුම් කිරීමේ කටයුතු අද දිනයේදී සිදුකර තිබෙනවා.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ පාකිස්තානයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ශ්රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු අංශ කිහිපයක සහයෝගය ඇතිව මෙම කටයුතු ක්රියාත්මකයි.
අන්නාසි සඳහා ඉතා ඉහළ වෙළෙඳපොළක් පාකිස්තානයේ පවතින අතර ඔවුන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10 ක පමණ අන්නාසි ආනයනය කරනු ලබනවා.
දැනට තායිලන්තය සහ පිලිපීනය පමණක් පාකිස්තානයට අන්නාසි අපනයනය කරන බව සඳහන්.
මුද්‍රිත පොත් සඳහා පනවා ඇති VAT සහ සමාජ ආරක්ෂණ බදු හේතුවෙන් වසර තුනක් තුළ කතුවරුන් 50%-60%ක් පමණ වෙනත් රැකියා වෙත යොමුවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය පවසයි.
එමෙන්ම පොත් ප්රකාශන ආයතනවලින් 40%ක් පමණ ක්ෂේත්රයෙන් ඉවත්ව ඇති බවත්, බදු හේතුවෙන් පොත් මිල ඉහළ යාම සහ අලෙවිය පහළ යාම ඊට ප්රධාන හේතුව බවත් සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව, කියවීමේ පොත් සඳහා පනවා ඇති VAT ඇතුළු බදු කඩිනමින් ඉවත් කරන ලෙස පොත් ප්රකාශකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

ඩොලර් මිලියන 3.2ක ප්‍රාග්ධන ආයෝජනයක් සමඟින් සියෙරා කේබල්ස් සිය අපනයන ධාරිතාව දෙගුණ කිරීමට සැරසෙයි
විදේශීය වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන සඳහා පවතින අඛණ්ඩ ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින්, සිය අපනයන නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 3,229,760ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සියෙරා කේබල්ස් පීඑල්සී (Sierra Cables PLC) සමාගම තීරණය කර ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) වෙත නිල වශයෙන් දැනුම් දෙමින් සමාගම ප්‍රකාශ කර සිටියේ, නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සහ කාර්මික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.
සියෙරා කේබල්ස් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා මෙම දැවැන්ත පරිමාණ ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහන සැලසුම් කර ඇති බව සමාගම පවසයි.
සමාගමේ අනාවරණයට අනුව, මෙම ප්‍රාග්ධන වියදම මඟින් ඔවුන්ගේ පවතින අපනයන නිෂ්පාදන ධාරිතාව ආසන්න වශයෙන් දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත වඩාත් පුළුල් සේවාවක් සැපයීමට සහ සමාගමේ ගෝලීය අපනයන ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් හිමි වේ.
මෙම ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහන 2026/27 මූල්‍ය වර්ෂය අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ. යාවත්කාලීන කරන ලද යටිතල පහසුකම් සහ යන්ත්‍රෝපකරණ 2027/28 මූල්‍ය වර්ෂයේ ආරම්භයත් සමඟ, එනම් 2027 අප්‍රේල් 1 වන දින සිට වාණිජමය වශයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමාගම ඉලක්ක කර ඇත.
විදේශීය ඉල්ලුම ග්‍රහණය කරගනිමින් සිය උපායමාර්ගික වර්ධනය ළඟා කරගැනීම මෙම ආයෝජනයේ මූලික අරමුණ වේ. සිය නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීම මඟින් ජාත්‍යන්තර කේබල් සහ වයර් වෙළෙඳපොළ තුළ විශාල කොටසක් හිමිකර ගැනීමටත්, වත්මන් ව්‍යාපාරික ප්‍රවණතාවලින් උපරිම ඵල නෙළා ගැනීමටත් සියෙරා කේබල්ස් සමාගම සූදානම්ව සිටී.
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී 20%ක ලාභ වර්ධනයක් වාර්තා කරයි
විවිධාංගීකරණය වූ මහා පරිමාණ සමාගමක් වන CIC හෝල්ඩින්ග්ස් 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ 20%ක ලාභ වර්ධනයක් සමඟින් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 2.74%ක සමස්ත ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. ඒ අනුව සමූහයේ සමස්ත ආදායම 22.03ක් බවට පත් විය.
ඒ අනුව සමූහයේ දළ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 10.26% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.01 ක් වූ අතර, දළ ලාභ ආන්තිකය දළ වශයෙන් 27.3% දක්වා වර්ධනය විය. විශිෂ්ට කළමනාකරණය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ප්‍රධාන ව්‍යාපාරික අංශයන්හි ඉහළ දායකත්වය හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 12.70% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.20 ක් ලෙස සටහන් විය. බදු පසු ලාභය 19.69% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.81 ක් බවට පත් වූ අතර සමාගමේ කොටස් හිමියන්ට 23.24% ක සුවිශේෂී වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 1.51 ක ලාභයක් හිමි විය.

| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment |
|---|---|---|---|---|---|
| CTC.N0000 (CEYLON TOBACCO COMPANY PLC) | Rs. 41.00 | Second | 24-Aug | 25-Aug | 14-Sep |
| DIAL.N0000 (DIALOG AXIATA PLC) | Rs. 0.70 | Second | 25-Aug | 28-Aug | 15-Sep |
| TYRE.N0000 (KELANI TYRES PLC) | Rs. 6.50 | First | 1-Sep | 2-Sep | 18-Sep |
| COCR.N0000 (COMMERCIAL CREDIT AND FINANCE PLC) | Rs. 7.00 | Final | 2-Sep | 3-Sep | 17-Sep |