Table of Contents
⚠️ කාලගුණ පුවත්: අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි
දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.
මෙම ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්
ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය පවසයි.
බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් මෙම ණය ශ්‍රේණි උසස් කිරීම සිදු කර ඇති අතර, එහි අපේක්ෂාව (Outlook) ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තවදුරටත් ඉහළ මට්ටමක පවතින ණය සහ ණය සේවා අනුපාතික මෙන්ම, විදේශ විනිමය සංචිත තවමත් මධ්‍යස්ථ මට්ටමක පැවතීම යන සාධක රටේ ණය පැතිකඩට තවදුරටත් බාධාවක්වී ඇති බව ෆිච් ආයතනය අනතුරු අඟවයි.
ඉරානයට අවසන් තීන්දුවක්! ට්‍රම්ප්ගෙන් UN මහා මණ්ඩලයේදී සැර ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඉරානය සමඟ ගැටුම තවදුරටත් විසඳාගත නොහැකි වුවහොත්, ඉරානයට යළිත් ප්‍රහාර එල්ල කිරීම හෝ සාම ගිවිසුමකට එළැඹීම යන විකල්ප දෙක අතර තමන්ට “විශාල තීරණයක්” ගැනීමට සිදුවන බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේය.
"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත්කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) ස්ථාපිත කර තිබේ.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇත.
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ.
සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි
සමාගම් 6ක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
රු. බිලියන 5ක විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ අවම ලංසුකරු බවට විදුල්ලංකා පීඑල්සී පත්වෙයි
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විදුලි සම්ප්‍රේෂණ ජාල සංවර්ධන වැඩසටහන යටතේ, කිලෝවෝල්ට් 132ක (132 kV) විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ ටෙන්ඩරයේ අවම ලංසුකරු ලෙස විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) සහ ඉන්දියාවේ ස්කිපර් ලිමිටඩ් (Skipper Limited) යන සමාගම්වලින් සමන්විත ඒකාබද්ධ ව්‍යාපාරය තේරී පත්වී ඇත.
Resus Energy PLC අම්පාර දමන සූර්ය විදුලි බලාගාරයේ කටයුතු ආරම්භ කරයි
Resus Energy PLC සමාගම අම්පාර, දමන ප්‍රදේශයේ පිහිටි සිය නව සූර්ය විදුලි බලාගාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත.
මෙම ව්‍යාපෘතිය Resus Energy PLC සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගමක් වන Resus Eastern Solar (Pvt) Limited මගින් සංවර්ධනය කර ක්‍රියාත්මක කර තිබේ. මෙම බලාගාරය මගින් වාර්ෂිකව පිරිසිදු බලශක්තිය ගිගාවොට් පැය 3.5 ක් (3.5 GWh) පමණ ජාතික විදුලි බල පද්ධතියට උත්පාදනය කර සැපයීමට අපේක්ෂා කෙරේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| RCH.N0000 (RENUKA HOTELS PLC) | Rs. 1.50 | 23-Sep | 12-Oct |
| CABO.N0000 (CARGO BOAT DEVELOPMENT COMPANY PLC) | Rs. 1.50 | 23-Sep | 12-Oct |
| RENU.N0000 (RENUKA CITY HOTELS PLC) | Rs. 4.00 | 23-Sep | 12-Oct |
| HARI.N0000 (HARISCHANDRA MILLS PLC) | Rs. 73.00 | 24-Sep | 13-Oct |
