Share Market News Today Sri Lanka EP 14

Share Market News Today Sri Lanka EP 14

Table of Contents

⚠️ කාලගුණ පුවත්: අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත් වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 107.51ක් ලෙස සටහන් විය.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.27කින් එනම් 2.27% ඉහළ ගොස් ඩොලර් 102.32ක් දක්වා වැඩි වී තිබේ.

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක වෙත තවත් පියවරක්

සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාව යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කිරීමේ ව්‍යාපෘති මාලාවේ පළමුවැන්න අද (13) නිල වශයෙන් ආරම්භ කෙරුණි.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා තිබේ.

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 395,377කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 152,625ක්, චීනයෙන් 102,473, ජර්මනියෙන් සංචාරකයින් 91,763ක්ද මෙරටට පැමිණ තිබේ.

මාස 8ක් තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6,000 ඉක්මවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු වාර්තාවක සඳහන් වනුයේ එය පසුගිය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවය.

සෙස් බදු අදියර වශයෙන් ඉවත් කර නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වාදීමට රජය සූදානම් වෙයි.

දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු අදියර වශයෙන් ඉවත් කර නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වාදීමට රජය සූදානම් වෙයි.

නව ක්‍රමය යටතේ 0%, 10%, 20% සහ 30% ලෙස තීරුබදු කාණ්ඩ හතරක් හඳුන්වාදීමට නියමිත අතර, නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා අතරමැදි ද්‍රව්‍ය සඳහා අඩු හෝ 0% බදු අනුපාතයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. එමගින් දේශීය නිෂ්පාදකයන්ගේ අමුද්‍රව්‍ය වියදම් සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම අරමුණයි.

එමෙන්ම, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා නිමි භාණ්ඩ සහ තෝරාගත් භාණ්ඩ සඳහා උපරිම 30% තීරුබද්දක් පැනවීමටද සැලසුම් කර තිබේ.

මෙම වෙනස හරහා දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සහ කර්මාන්තකරුවන්ට වඩාත් හිතකර බදු පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
COLO.N0000 (C M HOLDINGS PLC) Rs. 0.40 11-Sep 30-Sep
JFP.N0000 (JF PACKAGING PLC) Rs. 0.50 15-Sep 2-Oct
RFL.N0000 (RAMBODA FALLS PLC) Rs. 0.50 21-Sep 8-Oct
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct
LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) Rs. 1.25 22-Sep 9-Oct