බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2 ක් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එමෙන්ම උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම්දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. එමෙන්ම මඩකළපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.
අගෝස්තු 6 දින නිකුත් කළ මෙම සංශෝධිත චක්‍රලේඛය අනුව, පළමු වාරිකය අගෝස්තු 15ට පෙර ගෙවිය යුතු අතර, අවශ්‍ය ලේඛන සහ Attachment ද නියමිත කාලසීමාවන් තුළ ඉදිරිපත් කළ යුතුය.විශේෂයෙන් අඩු ආදායමක් අපේක්ෂා කරන බදු ගෙවන්නන්, නව බදු ගෙවන්නන්, පාඩු හෝ අඩුකිරීම් ඇති අය සහ APIT/AIT හරහා බදු ගෙවන සේවකයන් සඳහා නව පැහැදිලි කිරීම් සහ ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ.මීට අමතරව, Credit Schedule ඉදිරිපත් කිරීම සඳහා වෙනම කාලසීමා සහ වසර මැදදී බදු වාරික ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ නියමයන් ද සංශෝධිත චක්‍රලේඛයට ඇතුළත් කර ඇත.
