හේමාස් හෝල්ඩිංග්ස් කෙන්යාවට

හේමාස් හෝල්ඩිංග්ස් කෙන්යාවට

Table of Contents

වසර 75ක ඉතිහාසයේ දරුණුම ‘එල් නිනෝ’ තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් 37% දක්වා පහළට

ලොව පුරා මේ වන විට පවතින එල් නිනෝ තත්ත්වය වසර 75ක කාලය තුළ ලෝකයට බලපෑ වඩාත් ප්රබලතම එල් නිනෝ තත්ත්වය බවට පත්විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කරනවා.

මෙම වසර අවසානය වන විට එහි බලපෑම ප්රබලව එල්ලවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ඒ අනුව මේ වන විටත් පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ප්රදේශ රැසක කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

ලොව පුරා කාලගුණ විපර්යාස රැසකට හේතු වන එල් නිනෝ තත්ත්වය මේ වන විට ශ්රී ලංකාවටත් එල්ල කරන්නේ දැඩි බලපෑමක්.

එවැනි පසුබිමක දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ප්රදේශ රැසක දැඩි වියළි කාලගුණයක් පවතිනවා.

මේ හේතුවෙන් කුඩා වැව් මෙන්ම මධ්ය පරිමාණයේ වැව් රැසක් ද සිඳී යාමත් සමග ප්රදේශ රැසක ජනතාවට පානීය ජලය මෙන්ම කෘෂි අවශ්යතා සඳහාත් ජලය සපයා ගැනීම පත්ව ඇත්තේ අර්බුදයකටයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට ප්රධාන ජලාශ 74 ක පවතින ජල මට්ටම ද, මෙම එල්නිනෝ තත්ත්වයත් සමග සීඝ්රයෙන් පහළ යමින් පවතින අතර එය ප්රතිශතයක් ලෙස 37%ක් දක්වා අඩු මට්ටමකට පැමිණ ඇති බවයි.

2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනයෙන් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, සාමාන්ය 18%, 24%, 30% සහ 36% බදු අනුපාත වෙනුවට උපරිම 15%ක බදු අනුපාතයක් අදාළ වන බව ජ්යෙෂ්ඨ නියෝජ්ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කරයි.

ඩිජිටල් මාධ්ය හරහා සේවා අපනයනයෙන් ආදායම් ලබන පුද්ගලයින් එම ආදායම ස්වතක්සේරු බදු වාර්තාවේ නිසි පරිදි ඉදිරිපත් කළ යුතුය.

කටුනායක ගුවන්තොටුපළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජපානයේ එකඟතාව

⚠️කාලගුණ පුවත්:

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එසේම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
 
දිවයිනේ සෙසු ප්රදේශ වල ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ණය සහ අත්තිකාරම් රු. බිලියන 224 කින් ඉහළ නංවමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩනයන් හමුවේ වුවද සාර්ථකව ඉදිරියට යමින්, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා HNB සමූහය රු. බිලියන 22.5 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 23.1 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය කාර්යසාධනය මඟින් බැංකුවේ ශක්තිමත් ශේෂ පත්‍රය වර්ධනය මැනවින් පෙන්නුම් කරන අතර වසරේ පළමු අර්ධයේදී ණය සහ අත්තිකාරම් සේවා රු. බිලියන 224 කින් සහ තැන්පතු රු- බිලියන 138 කින් ඉහළ ගොස් ඇත. මේ අතර Net Stage 3 අනුපාතය 1.17% ක් ලෙස පවත්වා ගනිමින් වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කර ගැනීමට ද බැංකුව සමත්ව ඇත.

බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව 21% කින් ඉහළ ගොස් රු. බිලියන 55.2 ක් වූ අතර, ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2025 වසරේ පැවති 4.26% සිට 4.40% දක්වා වර්ධනය විය. ශක්තිමත් ණය ලබාදීමේ ප්‍රවණතාවය මීට ප්‍රධාන වශයෙන් හේතු විය. එහිදී වෙනස් වන පොලී අනුපාත නිසා අරමුදල් පිරිවැය ඉහළ ගියද, ණය සහ අත්තිකාරම්වලින් ලැබුණු ඉහළ පොලී ආදායම හේතුවෙන් එම පීඩනය මඟහරවා ගැනීමට බැංකුවට හැකි විය.

සෙලින්කෝ ලයිෆ් සිය වත්කම් වටිනාකම රුපියල් බිලියන 300 ඉක්මවමින් සමාගමේ මූල්‍ය ශක්තිය තහවුරු කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම තම සමස්ත වත්කම් රුපියල් බිලියන 300ක සුවිශේෂී සන්ධිස්ථානය ඉක්මවා ඇති බව නිවේදනය කර ඇත.

2026 ජූනි 30 වන විට සමාගමේ මුළු වත්කම් වටිනාකම රුපියල් බිලියන 302.5ක් ලෙස වාර්තා වූ අතර එය සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන සුවිශේෂී සාධකයකි.

2026 වර්ෂයේ පළමු මාස හය තුළ පමණක් සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 15.65ක වත්කම් වර්ධනයක් වාර්තා කළ අතර එම වර්ධනය මසකට රුපියල් බිලියන 2.58ක සාමාන්‍යයක් සහ සියයට 5.45ක වර්ධන අනුපාතයක් නියෝජනය කරයි.

හේමාස් හෝල්ඩිංග්ස් කෙන්යාවට: ප්‍රධාන පෙළේ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක අයිතිය තහවුරු කර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන හේමාස් හෝල්ඩින්ග්ස්, කෙන්යාවේ ප්‍රමුඛතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයෙකුවන, Kasuku, CrownBird සහ Envoy ඇතුළු ප්‍රකට ලිපිද්‍රව්‍ය සහ ඉගෙනුම් සන්නාමවල හිමිකාරිත්වය දරමින් කලාපීය වශයෙන් අපනයන සිදු කරන Twiga Stationers & Printers සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය තමන් සතුකර ගත් බව නිවේදනය කළේය.

හේමාස් සමූහයේ ප්‍රථම ජාත්‍යන්තර අත්කර ගැනීමවන මෙය, ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාරික කටයුතු ගොඩනැගීම සඳහාවන සමූහයේ දිගුකාලීන ක්‍රමෝපායික සැලසුමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. තවද එමගින්, ඇමරිකානු ඩොලර් බිලියන 136 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහ මිලියන 54 ක ජනගහනයකට හිමිකම් කියන, නැගෙනහිර අප්‍රිකාවේ ඉදිරිගාමී වෙළෙඳපොළක්වන කෙන්යාව තුළ ශක්තිමත් මෙහෙයුම් පදනමක් ගොඩනගා ගැනීමට හේමාස් සමූහයට හැකියාව ලැබේ.

Rate this Post
Company Dividend Per Share Final / Interim XD Date Record Date Date of Payment
BPPL.N0000 (B P P L HOLDINGS PLC) Rs. 0.25 First 18-Aug 19-Aug 8-Sep
JKL.N0000 (JOHN KEELLS PLC) Rs. 0.33 First 19-Aug 20-Aug 9-Sep
ONAL.N0000 (ON’ALLY HOLDINGS PLC) Rs. 1.40 Final 21-Aug 24-Aug 11-Sep