Table of Contents
1. හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
ජූනි 30 වැනිදායින් අවසන් වූ මූල්ය වර්ෂයේ පළමු ත්රෛමාසිකය තුළ හේලීස් සමූහය (Hayleys Group) සාර්ථක ආරම්භයක් සටහන් කර තිබෙනවා.
ඒ අනුව සමූහයේ අඛණ්ඩ මෙහෙයුම්වලින් ලැබූ ඒකාබද්ධ ආදායම පසුගිය වසරේ සමාන කාලඡේදයට සාපේක්ෂව 38%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 179.32ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.
එමෙන්ම, සමූහයේ බදු ගෙවීමට පෙර ඒකාබද්ධ ලාභය (PBT) 61%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 10.15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්රවාහන හා සැපයුම් (Transportation & Logistics) ක්ෂේත්රය 84%ක ආදායම් වර්ධනයක් සටහන් කරමින් රුපියල් බිලියන 42.88ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
පරිභෝගික හා සිල්ලර වෙළෙඳ (Consumer & Retail) ක්ෂේත්රය 46%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 49.22ක ආදායමක් හිමිකරගෙන ඇති බවයි සඳහන්.
මේ අතර සමූහයේ අපනයන පදනම් කරගත් ක්ෂේත්රවල ආදායම 24%කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම පොලී, බදු, ක්ෂයවීම් සහ අමෝටීකරණයට පෙර ලාභය (EBITDA) 46%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 18.11ක් වනවා.
බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 86%ක ඉහළ යාමක් පෙන්වමින් රුපියල් බිලියන 5.92ක් ලෙස සටහන් වුණා.
මේ අනුව Fitch Ratings විසින් හේලීස් සමූහයට හිමිකර දී ඇති ‘AAA(lka)’ ජාතික දීර්ඝකාලීන ණය ශ්රේණිගත කිරීම (මනා ස්ථාවර මට්ටමක) තවදුරටත් තහවුරු කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් සමාගමේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ සඳහන් කළේ,
“මෙම වසරේ ලැබූ සාර්ථක ආරම්භය මඟින් අපගේ විවිධාංගීකරණය වූ ව්යාපාරවල ශක්තිමත්භාවය සහ උපායමාර්ගික ප්රමුඛතාවයන් නිසියාකාරව ක්රියාත්මක කිරීමේ හැකියාව මනාව පිළිඹිඹු වනවා. ඉදිරියේදී මතුවන නව වෙළඳපොළ අවස්ථාවන්ගෙන් උපරිම ප්රයෝජන ගනිමින් සමූහයේ ඉදිරි වර්ධනය උදෙසා කටයුතු කිරීමට අපි සූදානම්.”
මේ වනවිට හේලීස් සමූහයේ සමස්ත සේවක මණ්ඩලය 38,300 ඉක්මවා ඇති අතර, පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමේ උපායමාර්ග යටතේ හරිතාගාර වායු (GHG) විමෝචන තීව්රතාව 18%කින් අඩු කර ගැනීමට ද එම සමූහය සමත්ව තිබෙනවා.
2. ඩිමොක්‍රටික් පක්ෂය බිලියනපතියන්ගේ ධනය මත බද්දක් පැනවීමේ යෝජනාවට සහය පළ කර තිබෙනවා.
කැලිෆෝනියා ඩිමොක්රටික් පක්ෂය නොවැම්බර් ඡන්ද විමසීමකට ඉදිරිපත් කිරීමට නියමිත Prop 40 නමැති බිලියනපතියන්ගේ ධනය මත එක්වරක් බද්දක් පැනවීමේ යෝජනාවට සහය පළ කර තිබෙනවා.
මෙම යෝජනාවට අනුව බිලියනපතියන්ගෙන් 5%ක බද්දක් අය කර සෞඛ්ය සේවා ඇතුළු මහජන අවශ්යතා සඳහා මුදල් යෙදවීමට අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත්, කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom ඇතුළු ප්රබල දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති කිහිපයක් මෙම යෝජනාවට විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි බද්දක් හේතුවෙන් ධනවත් පිරිස් ප්රාන්තයෙන් ඉවත් වීම සහ බදු ආදායම් අහිමි වීම වැනි අවදානම් ඇතිවිය හැකි බවයි.
3. 2026/2027 තක්සේරු වර්ෂය සඳහා කාර්තුමය ආදායම් බදු වාරික ගණනය කිරීම සහ ගෙවීම සම්බන්ධයෙන් IRD විසින් නව සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අගෝස්තු 6 දින නිකුත් කළ Circular No. SEC/2026/E/06 මඟින් ලේඛන ඉදිරිපත් කිරීමේ අවසන් දිනය, Credit Schedule ඉදිරිපත් කිරීම, විදේශ බදු ණය, අඩු ආදායමක් අපේක්ෂා කරන බදු ගෙවන්නන්, APIT/AIT සහ වසර මැද බදු වාරික සංශෝධනය සම්බන්ධයෙන් නව පැහැදිලි කිරීම් හඳුන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම අවශ්ය Attachments අගෝස්තු 15ට පෙර ඉදිරිපත් කළ යුතු අතර, Credit Schedule සඳහාද වෙනම අවසන් දින නියම කර තිබෙනවා.
ඒ අනුව 2026/2027 වසරේ කාර්තුමය ආදායම් බදු වාරික ගෙවන පුද්ගලයන් සහ ව්යාපාර නව සංශෝධිත ක්රමවේදය අනුව තම බදු වාරික ගණනය කිරීම වැදගත්.
4.මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු සම්පත ගොඩගෙන ප්‍රයෝජනයට ගැනීම සඳහා ආයෝජකයෙකු තෝරා ගැනීමට පියවර
5.භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (12) දින කැඳවා තිබුණූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් පූර්ව වෙන්දේසියට සාපේක්ෂව පහළ යාමක් වාර්තා කර තිබේ.
ඒ අනුව දින 91 පදනම් අංක 33කින් 9.44%ක් දක්වා, දින 182 පදනම් අංක 21කින් 9.78%ක් දක්වා සහ දින 364 පදනම් අංක 18කින් 10.01%ක් දක්වා යනා දී වශයෙන් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් අද වෙන්දේසියේ දී පහළ ගොස් ඇත.
මෙවර වෙන්දේසියේ විශේෂත්වයක් වන්නේ එක් එක් කල්පිරීමේ කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද බිල්පත් ප්‍රමාණයන් සඳහා පූර්ණ වශයෙන් ලංසු පිළිගෙන තිබීමයි. එසේම අද වෙන්දේසිය සඳහා පරිණත කාල තුනට අදාළව රු. මිලියන 140,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට රු. මිලියන 385,959ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබීම තවත් විශේෂත්වයක් වේ.
⚠️ විශේෂ නිවේදනය: කාලගුණ පුවත්
ප්රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
6.සංචාරකයින් ලක්ෂ 14ක් ශ්‍රී ලංකාවට
2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම අගෝස්තු 09 දින වන විට 14 ලක්ෂයේ සීමාව සාක්ෂාත් කරගැනීමට සමත් වී තිබේ
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,408,620ක් වේ.
එහිදී අගෝස්තු මාසයේ මුල් දින 09 තුළ, 65,202ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 7,244ක දෛනික සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මෙම ප්‍රවණතාව බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවුවහොත් 225,000ක සංචාරක ඉලක්කයක් අගෝස්තු මාසය තුළ දී සපුරා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින්ගෙන් මූලාශ්‍ර වෙළෙඳපොළ අනුව ඉන්දියාවෙන් 351,713ක් හා එක්සත් රාජධානියෙන් 137,861ක් ලෙසින් ඉදිරියෙන් සිටී.
7.No further rate hikes this year: CBSL Governor
The Central Bank of Sri Lanka (CBSL) sees no need for a further interest rate hike this year after its significant, 100 bps hike in May – with ongoing elevated inflation levels expected to continue before easing back towards the 5% target next year, Governor Dr P Nandalal Weerasinghe told Reuters on Tuesday.
8.Govt approves long-term procurement of fuel
The Cabinet of Ministers has approved the long-term procurement of Petrol 92 Unl, Murban crude oil and Diesel (0.05% M.S.) by the Ceylon Petroleum Corporation (CPC).
9.Sri Lanka moving closer to ‘B’ rating as growth, credit momentum hold
Sri Lanka is moving closer to a sovereign credit rating upgrade to the ‘B’ category as stronger fiscal performance, declining public debt, and sustained economic and private sector credit growth strengthen the country’s credit profile, according to a Softlogic Stockbrokers Equity Research.
