Share Market News Today Sri Lanka EP07

Share Market News Today Sri Lanka EP07

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට අදත් හවසට ගිගුරුම් සහිත වැසි

අද සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද (03) දින දහවල් 12:09 ට මාදම්පේ, තෝරයාය, තොටගමුව, රත්තොට සහ කලවංචිකුඩි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. 

හෝමුස් සමුද්‍ර සන්ධිය 'ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය' ලෙස නම් කිරීමට ජනපති ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

ඉරානය සමඟ පවතින ගැටුම් මධ්‍යයේ, ලෝකයේ තීරණාත්මක ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” (Trump Strait) ලෙස නම් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරයි.

Truth Social ජාලය ඔස්සේ මෙම අදහස පළ කර ඇති අතර, ටෙහෙරානය මාස හයක කාලයක් තිස්සේ වසා දමා ඇති මෙම සමුද්‍ර සන්ධිය මත අමෙරිකානු ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම නව නම් කිරීම සිදු කර තිබේ.

“දැන් එය අපගේ පාලනය යටතේ පවතින බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතුද?” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණයට පෙර අමෙරිකානු පාරිභෝගිකයන්ට තෙල් මිල ඉහළ යාමට හේතු වී ඇති ඉරාන යුද්ධයෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පෙනී යන බව විදෙස් මාධ්‍ය පවසයි.

හෝමුස්හිදී සෞදි තෙල් නෞකාවට ප්‍රහාරයක් – ඉරානයට සෞදියෙන් චෝදනා

තමන්ට අයත් තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ප්‍රහාරය දැඩි හෙළා දැකින බවත් සෞදි අරාබිය පවසයි.

සෞදි ජාතික නාවික සමාගමක් වන Bahri සඳහන් කර ඇත්තේ එහි Sidr නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී සඳුදා රාත්‍රියේ මෙම ප්‍රහාරයට මුහුණදුන් බවය.

එම අවස්ථාවේදීම දකුණු කොරියානු සමාගමකට අයත් Senegal Prosperity නමැති තෙල් නෞකාවකටද Musandam ප්‍රදේශයට නැගෙනහිරින් ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත්, සෞදි අරාබියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට

ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම බවට Brand Finance ආයතනය විසින් නම් කර තිබෙනවා.

සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම සැලකෙනවා.

බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන 57කට එරෙහිව නඩු

රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන 57කට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙම නඩු කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, වෙළෙඳ ආයතන හිමිකරුවන් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනවලට එරෙහිව පවරා ඇති බව සඳහන්.

ඉතිහාසයේ පළමු වරට කොළඹ දරිද්‍රතා රේඛාව රු. 19,000 ඉක්මවා යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මාසිකය වැය වන අවම වියදම 2026 ජූලි මාසයේ දී රු. 17,679 ක් ලෙසින් ගණනය කර තිබේ. 2026 ජූනි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ රු. 17,592ක් ලෙසයි.

එක් එක් දිස්ත්‍රික්කයට අදාළ දරිද්‍රතා රේඛාවන් සැලකීමේ දී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව 2026 ජූලි මාසයේ දී රු. 19,067ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස ශ්‍රී ලංකාවේ යම් දිස්ත්‍රික්කයක දරිද්‍රතා රේඛාව රු. 19,000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම අගයය ද ඊට ආසන්න මට්ටමට පැමිණ තිබෙන අතර එය රු. 18,969ක් ලෙසින් වාර්තා වේ. දිස්ත්‍රික්ක මට්ටමින් පහළම දරිද්‍රතා රේඛාව මොනරාගලින් වාර්තා වන අතර එම අගය රු. 16,904ක් ලෙසින් සටහන්ව ඇත.

නිල දරිද්‍රතා රේඛාව’ යනු මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පුද්ගලයෙකුට මාසිකව වැය වන අවම වියදම ලෙස සරලව අර්ථකථනය කළ හැක. මෙය රටක මූල්‍යමය දරිද්‍රතාවය හෙවත් මූල්‍යමය දිළිඳුකම ගණනය කිරීමට යොදාගනියි. නිල දරිද්‍රතා රේඛාවේ නිවැරදි බව හා කාලීන බව තහවුරු කිරීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේදී 2012/13 ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත පාදක කරගනිමින් නිල දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කරනු ලැබිණි. 2019 වර්ෂය සඳහා නිල දරිද්‍රතා රේඛාව සැකසීමේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය යොදාගනිමින් ගැළපීම් සිදු කරන ලදී.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
COLO.N0000 (C M HOLDINGS PLC) Rs. 0.4 11-Sep 30-Sep
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct
LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) Rs. 1.25 22-Sep 9-Oct