Table of Contents
⚠️ කාලගුණ පුවත්: අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්ධන මිල ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
ට්‍රම්ප් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කරනු ලබන්නේ, රුසියානු තෙල් පිරිපහදු කම්හල් වෙත යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර සහ අමෙරිකාවේ ඇතැම් පිරිපහදු කම්හල් වසා දැමීම බවය.
ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින්, වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට පිරිපහදු කිරීමේ ධාරිතාව සම්බන්ධ ගැටලු වැඩි බලපෑමක් සිදුකරන බවය.
ඇඟලුම් අපනයන ආදායම පහළට
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 7.4කින් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අපනයන දත්ත අනුව, 2025 අගෝස්තු මාසයේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 469.6ක් වූ අතර, 2026 අගෝස්තු මාසයේදී එය ඩොලර් මිලියන 434.8ක් දක්වා අඩුවී ඇත.
විදේශ සංචිත ශක්තිමත් කිරීමට සැප්තැම්බරයේදී මහ බැංකුව ඩොලර් මිලියන 64.2ක් මිලදී ගනී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 සැප්තැම්බර් මාසයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 64.2ක ශුද්ධ මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව ඩොලර් මිලියන 85ක් මිලදී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 20.8ක් අලෙවි කර තිබෙනවා.
මේ අතර, 2026 අගෝස්තු මාසයේදීද මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙමින් ඩොලර් මිලියන 579ක දැවැන්ත මිලදී ගැනීමක් සිදුකර තිබුණා.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| ACL.N0000 (ACL CABLES PLC) | Rs. 0.6 | 7-Oct | 26-Oct |
| ALUM.N0000 (ALUMEX PLC) | Rs. 0.20 | 9-Oct | 21-Oct |
| KVAL.N0000 (KELANI VALLEY PLANTATIONS PLC) | Rs. 0.20 | 9-Oct | 21-Oct |
| HAYC.N0000 (HAYCARB PLC) | Rs. 1.00 | 9-Oct | 22-Oct |
