Share Market News Today Sri Lanka EP 25

Share Market News Today Sri Lanka EP 25

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ රැසකට තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

උඩරට යන මැණිකෙ

මාස 10කට පසු අද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ කොළඹ සිට පේරාදෙණිය සහ  ගම්පොල දක්වා යළි දුම්රිය ධාවන කිරීම අද සිට ආරම්භ කරන බවය.

බොරතෙල් යළි ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.13ක් දක්වා 0.28%කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.76ක් දක්වා 0.44%කින් ඉහළ ගොස් තිබේ.

මැදපෙරදිගට අමෙරිකානු හමුදා නෞකාවක්

මැදපෙරදිගට අමෙරිකානු හමුදා සාමාජිකයින් 10,000ක් සමග තවත් යුද නෞකාවක්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන සලකා බලමින් සිටින පසුබිමක, මැදපෙරදිග කලාපයට තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් යැවීමට පෙන්ටගනය පියවර ගෙන තිබෙනවා.

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට 5ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබුණ ද එම වසරේ දී ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.06ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයකි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක පමණ ප්‍රමාණයක් වේ.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
MCPL.N0000 (MAHAWELI COCONUT PLANTATIONS PLC) Rs. 3.00 01-Oct 20-Oct
LPRT.N0000 (LAKE HOUSE PRINTERS & PUBLISHERS PLC) Rs. 4.00 01-Oct 7-Oct