Table of Contents
⚠️ කාලගුණ පුවත්: සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි
ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකානු නිලධාරීන් මෙම ගැටුම් නතර කිරීම සඳහා කටයුතු කරන මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය.
ඩීසල් සදහා සහනාධාරයක් දෙන්න කැබිනට් අනුමැතිය
ඉදිරි මාස තුනක කාලය සඳහා ඩීසල් වෙනුවෙන් රුපියල් බිලියන 41 ක සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය නැවත ක්‍රියාත්මකයි.
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
අමෙරිකාව සහ චීනය අතර අ.ඩො. බිලියන 60ක භාණ්ඩ සඳහා බදු සහනදීමට එකඟතාවක්
චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය එකිනෙකාගෙන් ආනයනය කරනු ලබන අ.ඩො. බිලියන 60ක් වටිනා භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන බදු අඩු කිරීමට දෙරටම එකඟ වී තිබේ.
මෙම අලුත් එකඟතාව යටතේ අමෙරිකානු ඉරිඟු ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන, ආලේපන (Cosmetics),චීන ගෘහ විදුලි උපකරණ සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩ වර්ග රාශියක් සඳහා බදු සහන හිමිවේ.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද රැස්වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 29 දිනයේ රැස්වීමට නියමිතය.
2026 අංක 05 දරන මුදල් ප්‍රතිත්ති විවරණය වෙනුවෙන් මෙලෙස මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 29 දින රැස්වනු ඇත.
මේ වන විට උද්ධමන අනුපාතිකය 8% මට්ටමට පැමිණ ඇති බැවින් බොහෝ දුරට එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි යම් ඉහළ දැමීමක් මෙවර බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| ABAN.N0000 (ABANS ELECTRICALS PLC) | Rs. 26.00 | 28-Sep | 15-Oct |
| RWSL.N0000 (RAIGAM WAYAMBA SALTERNS PLC) | Rs. 0.25 | 30-Sep | 19-Oct |
| MCPL.N0000 (MAHAWELI COCONUT PLANTATIONS PLC) | Rs. 3.00 | 01-Oct | 20-Oct |
| LPRT.N0000 (LAKE HOUSE PRINTERS & PUBLISHERS PLC) | Rs. 4.00 | 01-Oct | 7-Oct |
