Table of Contents
⚠️ කාලගුණ පුවත්: පස්වරු 2න් පසුව වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බොරතෙල් මිල නැවතත් ඉහළට
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එක්සත් ජනපදයට ලබා දුන් සාම ගිවිසුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ තත්ත්වය මත මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවය.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 93.47ක් දක්වා 1.08%කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් වී ඇති අතර එහි ඉහළ යාම 1.60%ක් ලෙස සටහන් වී තිබේ.
2026 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශක ලකුණු 4.33%කින් ඉහළ ගොස් ඇත.
ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය අනුව 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ.
එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්ව ඇති අතර, 2024 වසරට සාපේක්ෂව 2026 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශක ලකුණු 4.33%කින් ඉහළ ගොස් ඇත.
නොවැම්බර් 01 වනදා සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙ.
එළඹෙන නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම ගිණුම් විවෘත කිරීම, ඉඩම් හා වාහන ලියාපදිංචි කිරීම ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය මූල්‍ය හා සේවා කටයුතු රැසක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. එම නිසා අපහසුතාවයන්ගෙන් තොරව ඔබේ දෛනික කටයුතු කරගැනීමට නොවැම්බර් 01 දිනට පෙර ඔබේ TIN අංකය ලබාගැනීමට කටයුතු කරන්න.
Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 දී
Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා වන නිල ව්‍යාපෘති ගිවිසුම වෙනුවෙන් Hayleys Engineering සමාගම ගිවිසුම්ගත වී ඇත.
හේලීස් සමූහය විසින් දිවයින පුරා සුපිරි වෙළඳසැල් 100ක් ආරම්භ කරමින් සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයට පිවිසෙන බව පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී නිවේදනය කරන ලදී.
භාණ්ඩාගාර බිල්පත් පොලියේ සුළු වැඩිවීමක්
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 23 දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට 9.20% දක්වා පදනම් අංක 2කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.37%ක් දක්වා පදනම් අංක 1කින් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.88% සිට 9.93%ක් දක්වා පදනම් අංක 5කින් ඉහළ ගොස් ඇත.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| ABAN.N0000 (ABANS ELECTRICALS PLC) | Rs. 26.00 | 28-Sep | 15-Oct |
| RWSL.N0000 (RAIGAM WAYAMBA SALTERNS PLC) | Rs. 0.25 | 30-Sep | 19-Oct |
| MCPL.N0000 (MAHAWELI COCONUT PLANTATIONS PLC) | Rs. 3.00 | 01-Oct | 20-Oct |
| LPRT.N0000 (LAKE HOUSE PRINTERS & PUBLISHERS PLC) | Rs. 4.00 | 01-Oct | 7-Oct |
