Table of Contents
⚠️ කාලගුණ පුවත්: ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාවට – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතී.
මෙම ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති වේ.
උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 12 ඉක්මවයි
2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12.01 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඩොලර් බිලියන 11.52 ක අගය හා සැසඳීමේදී 4.26% ක වැඩිවීමකි.
උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය සහ වගවීමේ සීමාව තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බව IMF කණ්ඩායම පෙන්වා දෙයි.
ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර
දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය මේ බව සඳහන් කළාය.
වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව ඇය පැවසුවාය.
ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි
ශ්‍රී ලංකා රේගුව විසින් සිය ප්‍රථම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ඔක්තෝබර් පළවෙනි දින කොළඹ ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතව බවට තොරතුරු වාර්තා වෙනවා.
එය රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමේ සහ වෙළෙඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇති.
නව පද්ධතිය මගින් රේගු ප්‍රකාශන සහ ඒවාට අදාළ උපකාරක ලේඛන විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමට හා සැකසීමට හැකිවන අතර එමගින් භෞතික ලේඛන, අතින් සිදු කරන ලේඛන කටයුතු සහ කඩදාසි ලිපි ගොනු පරිහරණය මත පවතින රඳා පැවැත්ම අවම වනු ඇති.
සහනාධාර ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු ආකාරය IMF අවධාරණය කරයි
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාව ලබාදෙන ඕනෑම රාජ්‍ය මූල්‍ය සහායක් සඳහා නිසි පිරිවැය ඇස්තමේන්තුවක් සිදුකළ යුතු බවත්, එම සහාය යම් කාලසීමාවකට සීමා වූ සහ ඉලක්කගත එකක් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
පසුගිය ඉරිදා (20) පැවති ජනරැළියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරි 2027 අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවත්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙමින් මිල වැඩිවීම පාලනයට පියවර ගන්නා බවත් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතාචාර දක්වමින් පැපජෝර්ජියෝ මහතා මේ බව පැවසීය.
ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක්
ඊයේ (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක් දක්වා ත් ඊයේ (23) දිනයේ දී පහළ ගොස් ඇත.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| HARI.N0000 (HARISCHANDRA MILLS PLC) | Rs. 73.00 | 24-Sep | 13-Oct |
| COCO.N0000 (RENUKA FOODS PLC) | Rs. 0.10 | 25-Sep | 14-Oct |
| COCO.X0000 (RENUKA FOODS PLC) | Rs. 0.10 | 25-Sep | 14-Oct |
| ABAN.N0000 (ABANS ELECTRICALS PLC) | Rs. 26.00 | 28-Sep | 15-Oct |
