Share Market News Today Sri Lanka EP 17

Share Market News Today Sri Lanka EP 17

Table of Contents

⚠️ කාලගුණ පුවත්: සවස 1න් පසුව තැන තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු  පලාත්වල විටින් විට වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

වසර තුනකට පසු අමෙරිකානු පොලී අනුපාතික ඉහළට

ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින්, අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය (Federal Reserve) විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.

ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමට ෆෙඩරල් සංචිතය එකඟතාව පළ කර ඇත.

 

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි - විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව රොයිට‍ර්ස් පුවත් සේවය පවසනවා.

මීට අමතරව තාවකාලික සංක්‍රමණිකයන් වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීම සඳහා වන නීති ද දැඩි කිරීමට නියමිතයි.

ඩීසල් ලීටරයක මිල රු. 515–530 අතර මට්ටමකට ළඟා විය හැකි බව වාර්තාවක් පෙන්වා දෙයි.

මැදපෙරදිග යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ යාමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 515–530 අතර මට්ටමකට ළඟා විය හැකි බව වාර්තාවක් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණනය කිරීමේදී Singapore Platts මිල, විනිමය අනුපාතය, ආනයන හා මෙහෙයුම් පිරිවැය සහ බදු ඇතුළු සාධක සැලකිල්ලට ගනී.

කෙසේ වෙතත්, රු. 515–530 යනු දැනට නිල වශයෙන් ප්‍රකාශිත නව ඩීසල් මිලක් නොව, ලෝක වෙළෙඳපොළ මිල හා මිල සූත්‍රය මත පදනම් වූ ඇස්තමේන්තුවක් ලෙස සැලකිය යුතුය. සැප්තැම්බර් 14 වන විට Singapore Gasoil/Platts දත්තවල මිල ඩොලර් 181.84ක් පමණ වාර්තා වී තිබුණි.

අනවසරයෙන් තැන්පතු රැස්කළ දඹුල්ලේ ප්‍රේමකුමාරට මහ බැංකුවෙන් විධානයක්

දඹුල්ලේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර යන අය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කිරීම් මගින් මහජනතාවගෙන් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පුද්ගලයා හට, ණය ගිවිසුම්/ පොරොන්දු නෝට්ටු නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම සිදුනොකළ යුතු බවත්, සහ මෙතෙක් නොගෙවූ සියලුම තැන්පතු වගකීම් ආපසු ගෙවීම සිදු කළ යුතු බවටත් විධාන කර ඇත.

ඩොලරය හදිසියේම උඩ යයි

ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක් ඊයේ (16) දින වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ක්‍රමික අතිප්‍රමාණයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල ඊයේ (16) දිනයේ දී මෙලෙස අවප්‍රමාණය වීමක් පෙන්නුම් කිරීම විශේෂ සිදුවීමකි.

ඒ අනුව ඊයේ දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත්, විකුණුම් මිල රු. 333.84 සිට රු. 335.48ක් දක්වා ත් කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර ඇත.

2026 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 53.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් මෙමගින් පෙන්නුම් කරයි. නිෂ්පාදන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශක අගයන් අගෝස්තු මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුණි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 65.6ක අගයක් වාර්තා කළේය.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
RFL.N0000 (RAMBODA FALLS PLC) Rs. 0.50 21-Sep 8-Oct
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct
LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) Rs. 1.25 22-Sep 9-Oct
SHAW.N0000 (LEE HEDGES PLC) Rs. 2.00 22-Sep 9-Oct
RCH.N0000 (RENUKA HOTELS PLC) Rs. 1.50 23-Sep 12-Oct