Table of Contents
⚠️ කාලගුණ පුවත්: තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතී.
මේ අතර එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැවක් පුපුරා යයි
හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පැනමාවේ ධජය සහිත ‘El Gaia’ නමැති මෙම තෙල් නෞකාව දකුණු නාවික මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙලෙස මුහුදු බෝම්බයක ගැටී ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම පිපිරීමත් සමඟ මුළු නෞකාවම ගින්නෙන් විනාශ වී ඇති බවය.
කෙසේවෙතත්, ඉරානයේ මෙම ප්‍රකාශය අමෙරිකානු මධ්‍යම බලකාය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්?
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා, එළඹෙන සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණද, දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට කරුණු වාර්තා කර ඇති අතර, එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බව හෙතෙම පැවසීය.
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි කිරීමේදී අවම වශයෙන් මාස 06 ක වගකීමක් සහ වගකීම් සහතිකයක් පාරිභෝගිකයාට ලබාදීමට වෙළදුන් පියවර ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගන්නා විට වාචිකව වගකීමක් ඇත යනුවෙන් පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කියා සිටියේ.
එසේම, ලද පැමිණිලි මත විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 1000 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියා.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| JFP.N0000 (JF PACKAGING PLC) | Rs. 0.50 | 15-Sep | 2-Oct |
| RFL.N0000 (RAMBODA FALLS PLC) | Rs. 0.50 | 21-Sep | 8-Oct |
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
| LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) | Rs. 1.25 | 22-Sep | 9-Oct |
| SHAW.N0000 (LEE HEDGES PLC) | Rs. 2.00 | 22-Sep | 9-Oct |
