Share Market News Today Sri Lanka EP 13

Share Market News Today Sri Lanka EP 13

Table of Contents

⚠️ කාලගුණ පුවත්: අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වි හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 සීමාවත් පනී

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

පොලීසිය දැන් ඇඟිලි තුඩක දුරින්

හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

“Sri Lanka Police App” ලෙස හඳුන්වා දී ඇති මෙම යෙදවුමට ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

මෙම යෙදවුමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන්, අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ රජයේ ආදායම සහ ප්‍රදාන රු. ට්‍රිලියන 2.956ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ රජයේ ආදායම සහ ප්‍රදාන රු. ට්‍රිලියන 2.956ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් 55.8%ක් වන අතර, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 27.1%ක වර්ධනයකි.

මෙහි ප්‍රධාන දායකයා වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුවයි. පළමු අර්ධයේදී රේගුව රු. බිලියන 1,290ක බදු ආදායමක් එකතු කර ඇති අතර, එහි සැලකිය යුතු කොටසක් වාහන ආනයනයට අදාළ බදු වලින් ලැබී තිබේ. වාහන ආනයන බදු ආදායම පමණක් ජුනි 30 වන විට රු. බිලියන 512.5ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු මාස 6 තුළ රු. බිලියන 1,248ක් එකතු කර තිබේ. සමස්ත බදු ආදායමද 25.9%කින් ඉහළ ගොස් රු. බිලියන 2,710.6ක් වී ඇත.

කෙසේ වෙතත්, මෙම ආදායම් වර්ධනයෙන් විශාල කොටසක් වාහන ආනයන හා අනෙකුත් ආනයන බදු මත රඳා පවතින බවත්, එය දිගුකාලීනව තිරසාර බදු ආදායම් මූලාශ්‍රයක්ද යන්න අවධානය යොමු කළ යුතු කරුණක් බවත් වාර්තා පෙන්වා දෙයි.

5/5 - (1 vote)

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
COLO.N0000 (C M HOLDINGS PLC) Rs. 0.4 11-Sep 30-Sep
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct
LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) Rs. 1.25 22-Sep 9-Oct
SHAW.N0000 (LEE HEDGES PLC) Rs. 2.00 22-Sep 9-Oct