Table of Contents
⚠️ කාලගුණ පුවත්: ඌවට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස්
මෙට්‍රො බස් සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලටද හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (07) කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් තැබෙයි
නිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් තැබීම අද (07) සිදුවිය.
පරිසර අමාත්‍යාංශයේ දී මෙම ගැසට් පත්‍රය සඳහා අත්සන් තැබුණු අතර ඒ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් 15 වනදායින් පසුව තායිලන්තය බලා පිටත්වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම වීසා බලපත්‍රයක් ලබාගත යුතුවේ.
මෙම සියලු වීසා අයදුම්පත් තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා අන්තර්ජාලය ඔස්සේ පමණක් යොමුකළ යුතු අතර, තානාපති කාර්යාලයට පැමිණ අයදුම්පත් භාරදීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසාදැමීමට තීරණය කර තිබේ.
2026 දෙසැම්බර් 31න් පසු වාහන ආනයනයට පනවා ඇති 50%ක අතිරේක රේගු බද්ද තවදුරටත් දීර්ඝ නොකිරීමේ හැකියාවක් පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම තීරණය ගැනීමේදී රුපියලේ අගය සහ විදේශ විනිමය සංචිතවලට වාහන ආනයනයෙන් ඇතිවන බලපෑම සැලකිල්ලට ගැනීමට නියමිතය. 2026 ජූලි මාසයේදී පමණක් වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 241ක් වැය වී ඇති අතර, ජනවාරි–ජූලි කාලය තුළ වියදම ඩොලර් බිලියන 1.5කට ආසන්නය.
මේ අතර, ජුනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති අතර එමගින් රජයට රු. බිලියන 512.5ක බදු ආදායමක් ලැබී තිබේ.
වාහන ආනයනකරුවන් පවසන්නේ අතිරේක බද්ද සහ LTV සීමා හේතුවෙන් වාහන මිල හා පාරිභෝගිකයන්ගේ මූල්‍ය බර ඉහළ ගොස් ඇති බවයි.
විදෙස් සංචිතය ඩොලර් මිලියන 6,905ක් දක්වා ඉහළට
2026 අගෝස්තු මාසය අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
පසුගිය 2026 ජූලි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,600ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,368 සිට ඩොලර් මිලියන 6,690ක් දක්වා 5.1%කින් පසුගිය අගෝස්තු මාසය තුළ දී ඉහළ ගොස් තිබේ.
මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 192 සිට ඩොලර් මිලියන 210ක් දක්වා 9.5%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| CTBL.N0000 (CEYLON TEA BROKERS PLC) | Rs. 0.5 | 9-Sep | 28-Sep |
| CSLK.N0000 (CABLE SOLUTIONS PLC) | Rs. 0.25 | 8-Sep | 25-Sep |
| COLO.N0000 (C M HOLDINGS PLC) | Rs. 0.4 | 11-Sep | 30-Sep |
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
| LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) | Rs. 1.25 | 22-Sep | 9-Oct |
