Table of Contents
සැප්තැම්බර් මාසයට අදාලව ඉන්ධන මිල සංශෝධනය වෙයි
Octane 92 petrol – Rs. 414.00 ( Previous price ) – Rs. 399.00 ( New Price ) – Rs. 15.00 ( Change price )
Octane 95 petrol – Rs. 495.00 ( Previous price ) – Rs. 475.00 ( New Price ) – Rs. 20.00 ( Change price )
Diesel , Super Diesel Price not change
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එසේම ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.
අද (01) දින දහවල් 12:10ට කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල, නාච්චදූව, පඩිකාරමඩුව, ගෝමරන්කල්ල සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
36%ක උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතයට අදාළ ආදායම් සීමාව ඉහළට?
පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් 36%ක උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතයට අදාළ ආදායම් සීමාව ඉහළ දැමිය හැකිද යන්න රජය අධ්‍යයනය කරමින් සිටින බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
දැනට 36%ක උපරිම බද්දට යටත් වන මාසික ආදායම් සීමාව රු. ලක්ෂ 5, 6 හෝ 7.5 දක්වා ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමුව ඇති බවද ඔහු සඳහන් කළේය.
වත්මන් රජය බලයට පත්වන විට පුද්ගල ආදායම් බදු ආරම්භ වන මාසික ආදායම් සීමාව රු. ලක්ෂයක පැවති අතර, එය ජනතාවගේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රු. 150,000 දක්වා ඉහළ දැමූ බවද අමාත්‍යවරයා පැවසීය.
දෙසැම්බර් 31 වැනිදායින් පසු වාහන ආනයනය සඳහා පනවා ඇති අතිරේක රේගු තීරුබද්ද ඉවත් කරන්නේද?
දෙසැම්බර් 31 වැනිදායින් පසු වාහන ආනයනය සඳහා පනවා ඇති අතිරේක රේගු තීරුබද්ද ඉවත් කරන්නේද යන්න රටේ විදේශ විනිමය සංචිත තත්ත්වය මත තීරණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
වාහන ආනයනය හේතුවෙන් විදේශ විනිමය පිටතට යාම සහ ඉන්ධන ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම අතිරේක බද්ද පනවා ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, රජයේ බදු ආදායම සහ විදේශ විනිමය සංචිත තවදුරටත් ශක්තිමත් වුවහොත් ඉදිරියේදී ආනයන හා බදු සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුද්ධයේ දරුණුතම වර්ධනයක් සැලසුම් කරමින් සිටින බවට තමන් සතුව බුද්ධි තොරතුරු පවතින බව යුක්රේන නිලධාරීන් පවසනවා.
ඇමරිකානු මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර පුවත් සේවා මේ බව වාර්තා කර තිබෙනවා.
යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී පව්ලෝ පාලිසා ප්‍රකාශ කර ඇත්තේ බෙලාරුස් දේශ සීමාවට ආසන්න කියෙව් සහ චර්නිහිව් යන උතුරුදිග නගර ඉලක්ක කරගනිමින් රුසියාව නව ගොඩබිම් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් වන බවයි.
රුසියාව සිය මිසයිල නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර, උතුරු කොරියානු හමුදා උපකරණ සහ තාක්ෂණය ද මේ සඳහා යොදා ගනිමින් සිටින බවට යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විටත් රුසියාව විසින් යුක්රේනයේ ප්‍රධාන නගර සහ බලශක්ති පද්ධති ඉලක්ක කරගනිමින් මෑත ඉතිහාසයේ දරුණුතම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
යුක්රේන බුද්ධි අංශ පෙන්වා දෙන්නේ රුසියාව සාමකාමී එකඟතාවකට පැමිණීමට කිසිදු කැමැත්තක් නොදක්වන බවත්, ඔවුන්ගේ එකම අරමුණ යුද්ධය තවදුරටත් උග්‍ර කරමින් යුක්රේනයට උපරිම හානියක් සිදු කිරීම බවත්ය. මේ හේතුවෙන් යුක්රේනයට තවදුරටත් ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ සහාය අවශ්‍ය බව එහි නායකයින් අවධාරණය කරනවා
දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 104.9ක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොටස් හතරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමග සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධ මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත.
දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 104.9ක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොටස් හතරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමග සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධ මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මේ මස උද්ධමන අනුපාතය 8% දක්වා ඉහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බද්ද (APIT) අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු මෙම තීන්දුව ලබා දී ඇත.
කෙසේ වෙතත්, මෙම නියෝගය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරියේදී නීතියට අනුව ගන්නා තීරණවලට බාධාවක් නොවන බවද අධිකරණය සඳහන් කර ඇත.
2026 වසරේ ගතවූ මුල් මාස හත (ජනවාරි - ජූලි) ඇතුළත මෙරට සමස්ත අපනයන ආදායම ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් මිලියන 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ඒ අනුව අදාළ කාල සීමාව තුළ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් ලෙස වාර්තා වී තිබේ.
මෙයට වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 8,188ක් සහ සේවා අංශයෙන් ඩොලර් මිලියන 2,199ක් වශයෙන් ලැබී ඇත.
පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර්, ආහාර, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු මෙන්ම තොරතුරු තාක්ෂණ (IT) සහ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු අතර, මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් තේ අපනයන අංශයට යම් පසුබෑමක් එල්ල වී තිබේ.
ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති එම් . කේ ජයවර්ධන මහතා පැවසවේ, තිරිඟු පිටි ආනයනික සමාගම් වලින් පෙරේදා(29) දිනයේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමත් සමඟ මෙලෙස පාන් ගෙඩියක මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවය.
මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ජාතික සංචාරක උපායමාර්ගික සැකසුම් උපදේශනය (2026-2031) සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම් උපදේශනය නිල වශයෙන් දියත් කෙරේ
ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රදාන පහසුකම (GFPP) යටතේ ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් උපදේශන ව්‍යාපෘති ද්විත්වයක් නිල වශයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාව අද (31) දින සිය සංචාරක සංවර්ධන න්‍යාය පත්‍රයේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේය.
ගෝලීය වශයෙන් තරගකාරී, තිරසාර සහ ප්‍රත්‍යස්ථ සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැඟීම සඳහා මෙම පියවරයන්හි ඇති වැදගත්කම අවධාරණය කරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.
ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026-2031) ස්පාඤ්ඤයේ Aninver Development Partners සහ ශ්‍රී ලංකාවේ EML Consultants PLC යන හවුල්කාරීත්වයට පවරා ඇත. මෙම උපදේශනය මඟින් ඉල්ලුම සහ සැපයුම් විශ්ලේෂණය, ආයෝජන අවශ්‍යතා ඇගයීම, නියාමන සහ ආයතනික සමාලෝචනය, අලෙවිකරණ උපායමාර්ග සංවර්ධනය සහ ජාතික ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියම ඇතුළත් සවිස්තරාත්මක උපායමාර්ගික රාමුවක් සකසනු ඇත. ඉදිරි පස් වසර සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක උපායමාර්ගයේ කොඳුනාරටිය බවට මෙම කාර්යය පත්වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එය පළාත් මට්ටමේ ප්‍රමුඛතා සහ ජාතික ප්‍රතිපත්ති පරමාර්ථ සමඟ පෙළගැසෙමින් ආයෝජන අවස්ථා විවෘත කිරීමටත්, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමටත් දායක වන බව පෙන්වා දුන්නේය.
සෙලින්කෝ ලයිෆ් නැවත වරක් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස තහවුරු වෙයි
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 2026 සඳහා ශ්‍රේණිගත කිරීමේදී සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස සිය ස්ථානය එලෙසම පවත්වාගෙන ඇත.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.7ක වටිනාකමක් සහ AAA සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. සන්නාම වටිනාකම අනුව ‘ශ්‍රී ලංකා 100’ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතර සෙලින්කෝ ලයිෆ් 25 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්හි වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල සෙලින්කෝ ලයිෆ් සන්නාමය අඛණ්ඩව දැක්වූ ශක්තිමත් කාර්යසාධනය තවදුරටත් වර්ධනය කිරීමට සමාගම සමත් වී ඇත. 2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 6.45ක් ලෙස තක්සේරු කර තිබූ අතර එයට AAA- සන්නාම ශ්‍රේණිගත කිරීමක් පිරිනමා තිබුණි.
සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 13% ක වර්ධනයක් සහිතව රු. බිලියන 16.6 ක ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
සම්පත් බැංකුව 2026 වසරේ ජුනි 30 වන දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 ක් ලෙස සටහන් කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 17% ක වර්ධනයකි. මේ සඳහා මූලික වශයෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) හා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම දායක වූ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙළින් 11%ක සහ 26% වාර්ෂික වර්ධනයන් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, අපහායන අයකිරීම් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ඉපැයීම් කාර්යසාධනය සීමා වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස, ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 10% ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කරන ලදී.
නව උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා සිදු කළ නව සේවක බඳවා ගැනීම් හා තොරතුරු තාක්ෂණය ආශ්‍රිත අඛණ්ඩ ආයෝජන හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ යාම මධ්‍යයේ බැංකුව රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 13% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ප්‍රතිඵලය බැංකුවේ ව්‍යාපාරික ආකෘතියේ ශක්තිමත්භාවය මනා අවදානම් කළමනාකරණය සහ පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් තිරසාර ලාභදායීතාවයක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබිඹු කරයි.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සම්පත් සමූහයද රුපියල් බිලියන 26.6 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 17.9 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලදී.
Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සපිරි (සාමාන්‍ය) සිල්ලර වෙළඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කෙරේ
Brand Finance විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සහිත සාමාන්‍ය සිල්ලර වෙළඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කර ඇත.
සන්නාම වටිනාකම රුපියල් බිලියන 13.888ක් සහ AAA- සන්නාම වර්ගීකරණයක් ලබා ගනිමින්, ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකම් සහිත සන්නාම 100 අතර 14වන ස්ථානය හිමි කර ගැනීමට සිංගර් සමාගම සමත් වී ඇත. මෙම ඇගයීම තුළින් පෙනී යන්නේ සිංගර් සන්නාමය විසින් අඛණ්ඩව ලබා ඇති වර්ධනය සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර සමාගම දිනා ඇති නොමැකෙන විශ්වාසයයි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| TYRE.N0000 (KELANI TYRES PLC) | Rs. 6.50 | 1-Sep | 18-Sep |
| COCR.N0000 (COMMERCIAL CREDIT AND FINANCE PLC) | Rs. 7.00 | 2-Sep | 17-Sep |
| COLO.N0000 (C M HOLDINGS PLC) | Rs. 0.4 | 11-Sep | 30-Sep |
