Table of Contents
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, කන්සන්තුරය සිට පුත්තලම, කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැන් තැන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා මුහුද ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික පැ.කි.මී 60 – 70 තරම් වූ තද සුළං ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ තාවකලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය අතර එකඟතාවක්
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ආරක්ෂිත ගමනාගමන මාර්ග පිහිටුවීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝායි (Esmaeil Baghaei) ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සැප්තැම්බර් මාසයේදී 1.1% කින් පහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් බිලියන 6.92ක ප්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව 2026 සැප්තැම්බර් මාසය අවසාන වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.85 ක් දක්වා අඩු වී තිබෙනවා.
VAT E-Invoicing ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් VAT E-Invoicing ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ. ඒ අනුව VAT ලියාපදිංචි ව්‍යාපාරවල Accounting/ERP පද්ධති RAMIS සමඟ Web API හරහා සම්බන්ධ කර, බදු ඉන්වොයිස් දත්ත ස්වයංක්‍රීයව සහ තත්‍ය කාලීනව IRD වෙත යැවීමට හැකි වේ.
මෙම වැඩසටහන දැනට අදියරෙන් අදියර ක්‍රියාත්මක වන අතර, මුල් අදියරේ VAT ලියාපදිංචි අපනයන කේන්ද්‍රගත ව්‍යාපාර ඇතුළත් කර ඇත. IRD සඳහන් කරන්නේ Web API ඒකාබද්ධ කිරීම 2026 අවසන් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙහි අරමුණ VAT වාර්තාකරණයේ නිරවද්‍යතාව වැඩි කිරීම, අතින් සිදුවන දෝෂ අඩු කිරීම සහ බදු පරිපාලනය වඩාත් ස්වයංක්‍රීය කිරීමයි. taxadvisor විසින් කල සවිස්ථරාත්මක විඩියෝව මෙතැනින් නැරඹිය හැකියි
පළමු මාස හයක කාලය තුළදී මෙරට බැංකු අංශයේ දළ ආදායම 15.6% කින් ඉහළ
මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ පළමු මාස හයක කාලය තුළදී මෙරට බැංකු අංශයේ දළ ආදායම 15.6% කින් ඉහළ යාම හේතුවෙන්, බදු ගෙවීමෙන් පසුව ලාභය රුපියල් බිලියන 208.7 ක් දක්වා 12.9% කින් වර්ධනය වී ඇත. මෙම කාලසීමාව තුළ බැංකු හරහා ලබාදුන් ණය ප්‍රමාණය ඉහළ යාම සහ බැංකු සතු සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 26 දක්වා ඉහළ යාම මෙම මූල්‍ය වර්ධනයට ප්‍රධාන ලෙස බලපා ඇති අතර, එමඟින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| ALUM.N0000 (ALUMEX PLC) | Rs. 0.20 | 9-Oct | 21-Oct |
| KVAL.N0000 (KELANI VALLEY PLANTATIONS PLC) | Rs. 0.20 | 9-Oct | 21-Oct |
| HAYC.N0000 (HAYCARB PLC) | Rs. 1.00 | 9-Oct | 22-Oct |
| TPL.N0000 (TALAWAKELLE TEA ESTATES PLC) | Rs. 0.80 | 9-Oct | 21-Oct |
