Table of Contents
⚠️ කාලගුණ පුවත්: අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්
රුසියානු තෙල් මිලදී ගැනීම් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව සියයට 100ක තීරුබදු තර්ජනයක් මතුව තිබේ.
ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරන ලද නව පනත් කෙටුම්පතක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
"ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් ප්‍රහාර
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ “ටෝගෝ “රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් ප්‍රහාර
ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම සඳහා නැවතත් දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කරන්නේද යන්න පිළිබඳව තමා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මේ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා “නීති විරෝධී ලෙස ගමන් කිරීමට” උත්සාහ කළ ටෝගෝ රාජ්‍යයේ කොඩිය රැගත් තෙල් නෞකාවකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි.
වාහන මිල පහළට
වෙළදපොළේ වාහන මිල සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඇතැම් වාහන රුපියල් ලක්ෂ 10 කින් පමණ පහළ බැස ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් APIT බදු අය කිරීම නීත්‍යනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය ⚖️
දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මෙම බදු අය කිරීමට එරෙහිව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ සංගමය මගින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබා දී ඇත.
දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට
දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට (online) ලබාගැනීමට www.pravesha.lk හෝ pravesha ජංගම දුරකතන යෙදවුම භාවිත කළ හැකියි.
ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු. 327.90ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.48 සිට රු. 336.92ක් දක්වා ත් ඉහළ ගොස් ඇත.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| RFL.N0000 (RAMBODA FALLS PLC) | Rs. 0.50 | 21-Sep | 8-Oct |
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
| LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) | Rs. 1.25 | 22-Sep | 9-Oct |
| SHAW.N0000 (LEE HEDGES PLC) | Rs. 2.00 | 22-Sep | 9-Oct |
| RCH.N0000 (RENUKA HOTELS PLC) | Rs. 1.50 | 23-Sep | 12-Oct |
