පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට

පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට

පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්. උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

කොළඹ සහ කුවේටය අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ සහ කුවේටය අතර ශ්‍රීලංකන් ගුවන් ගමන්, කලාපයේ යුදමය තත්ත්වය යම් ප්‍රමාණයකට සමනය වීමත් සමඟ අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ, අවන්හල් ක්ෂේත්‍රයේ සහ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා මෙලෙස අදාළ වෙබ් පිවිසුම් විවෘත වන බවයි. ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකියි. මෙහිදී අයදුම්කරුවන් 4,000ක් සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව පවතින අතර, ඒ සඳහා වන වයස් සීමාව අවුරුදු 25ත් 40ත් ලෙස දැක්වෙනවා.

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් පහත හෙළා තිබේ

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් පහත හෙළා තිබේ. ඒ අනුව රතු කැකුළු (රු. 169), සුදු කැකුළු (රු. 187), සුදු නාඩු (රු. 197), බී ළූණු (රු. 224), අර්තාපල් (රු. 239), කඩල (රු. 327), සුදු ළූණු (රු. 649), මුං ඇට (රු. 844), උඳු (රු. 864) සහ රට කජු (රු. 869) යන සහන මිල ගණන් යටතේ දිවයින පුරා සතොස අලෙවිසැල්වලින් ලබාගත හැක

ඇමරිකාව සියලු කොන්දේසි පිළිගන්නා තෙක්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නේ නෑ..- ඉරානය