එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – මහ බැංකුව​

එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – මහ බැංකුව​

Table of Contents

රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් එකිනෙකා වෙත ප්‍රබල ගුවන් සහ ඩ්‍රෝන ප්‍රහාර

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් තවදුරටත් දැඩි වෙමින්, දෙපාර්ශවයම එකිනෙකාගේ ප්රධාන ආර්ථික හා කර්මාන්ත මධ්යස්ථාන ඉලක්ක කරගනිමින් ප්රබල ගුවන් සහ ඩ්රෝන ප්රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ උපන්ගම වන ක්රිවි රිහ් (Kryvyi Rih) හි පිහිටි යුක්රේනයේ විශාලතම යකඩ නිෂ්පාදනාගාරයට (ArcelorMittal Kryvyi Rih) රුසියාව එල්ල කළ ප්රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙමගින් කර්මාන්තශාලාවේ බලශක්ති සහ නිෂ්පාදන අංශවලට දැඩි හානි සිදුවී නිෂ්පාදන කටයුතු අර්ධ වශයෙන් අත්හිටුවීමටද සිදුව තිබෙනවා.

කියෙව් අගනුවර ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්රහාර හේතුවෙන් නගරයේ දිස්ත්රික්ක දෙකක ගිනිගැනීම් හටගෙන ඇති අතර, පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.

රුසියානු ආරක්ෂක අමාත්යාංශයට අනුව, රට පුරා එල්ල වූ යුක්රේන ඩ්රෝන යානා 822ක් වෙඩි තබා බිම හෙළා තිබෙන අතර, මොස්කව් කලාපයට එල්ල වූ ප්රහාරයකින් 83 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 14 ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව, සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, අගොස්තු 13 වනදා වනවිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්රමාණය 1,436,926 ක් බවයි.

ඒ අතරින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම ප්රමාණය 358,608 ක්.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 140,892 ක්, චීනයෙන් සංචාරකයින් 94,890 ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 83,965 ක් පැමිණ තිබෙනවා.

සංශෝධිත VAT ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 1 වැනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ව්යාපාරිකයින්ට අවශ්ය මෘදුකාංග හා ගිණුම්කරණ පද්ධති සකස් කර ගැනීමට සහන කාලයක් ලබාදීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

නව ඉන්වොයිස් ක්රමයේ ප්රධාන අරමුණු වන්නේ ව්යාජ ඉන්වොයිස් වැළැක්වීම, ගනුදෙනු නිරීක්ෂණය පහසු කිරීම සහ බදු කාන්දුව අවම කිරීමයි.

⚠️කාලගුණ පුවත්:

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි වාර්තා වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඇල්ල සංචාරක කලාපයේ මාර්ග සහ යටිතල පහසුකම් නැංවීම සඳහා රුපියල් මිලියන 1000ක්

ඇල්ල සංචාරක කලාපයේ මාර්ග සහ යටිතල පහසුකම් නැංවීම සඳහා රුපියල් මිලියන 1000කට අධික සංවර්ධන ව්යාපෘති රැසක් ක්රියාත්මක බව සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.

වසර 26කට පසු සංවර්ධනය කළ ඇල්ල Waterfall Road මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට අමතරව, දුන්හිඳ-දෙමෝදර, ඇල්ල-පස්සර, කන්දෙකුඹුර සහ පියරපන්දොව මාර්ග ද සංවර්ධනය කෙරෙමින් පවතී.

එමෙන්ම ඇල්ලට නව උමං මාර්ගයක්, අක්කර 2.5ක ඉඩමක රු. මිලියන 50ක සංචාරක සංකීර්ණයක් ඉදිකිරීමටත්, වැල්ලවාය ආනපල්ලම ප්රදේශයේ රු. මිලියන 10ක ඩම්ප් යාර්ඩ් එකක් ඉදිකරමින් ඇල්ලේ කසළ කන්ද මාස දෙකක් ඇතුළත සම්පූර්ණයෙන් ඉවත් කිරීමටත් පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අද(16) සිට ප්‍රථම වරට සෘජු ගුවන් ගමන් සේවා ඇරඹේ

හෝමූස් සමුද්‍ර සන්ධිය අපිට අයත් සම්පතක් – ඉරානය යළි අවධාරණය කරයි

මාස 6ක ශක්තිමත් කාර්යසාධනයක් සමඟ කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු රු. ට්‍රිලියන 3 සීමාව පසුකරයි

2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් බිලියන 315.13 කින් වර්ධනය වී ඇති අතර එම වර්ධනය රුපියල් බිලියන 52.52 ක මාසික  සාමාන්‍යයක් නියෝජනය කරයි. වසරේ පළමු අර්ධය අවසන් වන විට සමූහයේ මුළු තැන්පතු වටිනාකම රුපියල් ට්‍රිලියන 3.02 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට පෙර මාස 12 ක කාලය තුළ තැන්පතු 20.33% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර එම කාලය තුළ මාසික සාමාන්‍ය වර්ධනය රුපියල් බිලියන 42.46 කි.

සලකා බලන මාස හය කාලය තුළ සමූහයේ දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 270.43 කින් වර්ධනය වී ඇති අතර එය මසකට රුපියල් බිලියන 45.07 ක සාමාන්‍යයක වර්ධනයකි. එම කාලය තුල මූල්‍ය අතරමැදි සේවා සැපයීමේදී බැංකුව ඉටු කරන කාර්යභාරය අවධාරණය කරමින් බැංකුවේ ණය කළඹ රුපියල් ට්‍රිලියන 2.36 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය මාස 12 ක කාලය තුළ ණය ලබාදීම රුපියල් බිලියන 624.48 කින් හෙවත් 36.07% කින් වර්ධනය වී ඇති අතර මසකට සාමාන්‍ය ණය වර්ධනය රුපියල් බිලියන 52.04 ක් විය.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කර ඇති අතුරු මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමූහයේ මුළු වත්කම් 2025 දෙසැම්බර් මාසයේ සිට 10.68% කින් හෙවත් රුපියල් බිලියන 361 කින් වර්ධනය වී 2026 ජූනි 30 වන විට රුපියල් ට්‍රිලියන 3.74 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය මාස 12 ක කාලය තුළ සමූහයේ මුළු වත්කම් කැපීපෙනෙන 19.42% කින් හෙවත් රුපියල් බිලියන 608.16කින් ඉහළ යාමක් වාර්තා කර ඇත

BIA දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹීම නොවැම්බර් මාසයට පෙර

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීම ගැන ස්ථීර කරමින්, තවදුරටත් එම ව්‍යාපෘතිය ගැන දෙපාර්ශවයේම අදහස් හුවමාරු විය

පසුගිය කාලයේ ආරම්භ කර නතරවුණු මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අතිගරු ජනාධිපතිතුමා, ජපන් රජය සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ජපන් රජය එකඟතාවය පල කර තිබිණි. අනතුරුව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා සමඟ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමා සහ JICA ප්‍රධානීන් සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලදී.

විශේෂයෙන් මෙම ව්‍යාපෘතියට අවශ්‍යය වන අමතර ණය පහසුකම් ලබා දීමට ගත් තීන්දුව අනුව එම වැඩ කටයුතු ද මේ වන විට අවසන් වී තිබේ. පිළිගත් ටෙන්ඩර් පටිපාටිය අනුව තෝරාගත් ඉදිකිරීම් සමාගම සමඟ ද සිදු කරන සාකච්ඡා අවසන් අදියරයේ තිබේ.

සාකච්ඡාවේ දී කොළඹ වරායේ වැඩිවන නෞකා ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා නෞකා ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සහාය ලබා ගැනීමට ද අදහස් ප්‍රකාශ කෙරුණි. එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කිරීමට ද තීරණය විය.

එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – මහ බැංකුව

ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන්, නුදුරු සහ මැදි කාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වුවද, උද්ධමන අපේක්ෂාවන් මැදි කාලීනව උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතිනු ඇත බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 16.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රු. බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16.6%ක කැපී පෙනෙන වර්ධනයකි.

සමූහය ලබා ගත් මෙම ඉහළ ආදායම් වර්ධනයට එහි විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශ මෙන්ම, Joint Agri Products Ceylon (JAPC) පුද්. සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීමද ද ප්‍රධාන වශයෙන් හේතු විය. සුව සේවා අංශය මුළු ආදායමින් 49.2%ක දායකත්වයක් ලබා දෙමින් සමූහයේ මෙම ඉහළ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් අතර පාරිභෝගික අංශය සහ කෘෂි ව්‍යාපාර අංශය ද පිළිවෙලින් 35.6%ක් හා 15.2%ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. කෙසේ වෙතත්, සුව සේවා අංශය මුහුණ දුන් ඖෂධ මිල නියාමන බලපෑම් සහ සැපයුම් දාමයේ පැවති අභියෝග මෙන්ම, කෘෂි ව්‍යාපාර අංශයේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම ද සමූහයේ ලාභදායීත්වයට යම් බලපෑමක් එල්ල කළේය.

Rate this Post
Company Dividend Per Share Final / Interim XD Date Record Date Date of Payment
ASHO.N0000 (LANKA ASHOK LEYLAND PLC) Rs. 30.00 First and final 17-Aug 18-Aug 7-Sep
BPPL.N0000 (B P P L HOLDINGS PLC) Rs. 0.25 First 18-Aug 19-Aug 8-Sep
JKL.N0000 (JOHN KEELLS PLC) Rs. 0.33 First 19-Aug 20-Aug 9-Sep