Table of Contents
⚠️ කාලගුණ පුවත්: අදත් හවසට තැන තැන ගිගුරුම් සහිත වැසි
ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.
අද (02) දින දහවල් 12:10 ට ආණමඩුව, මොරගොල්ලාගම, දඹුල්ල, මනම්පිටිය සහ වාලච්චේන යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
ජෝර්දානයේ අමෙරිකානු කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සඳහන් කර ඇත්තේ, ජෝර්දානයේ ගල්ෆ් ඔෆ් අකාබා ආශ්‍රිතව පිහිටි Camp Titin නම් අමෙරිකානු මැරීන් බලකා කඳවුර ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
කෙසේවෙතත්, ජෝර්දාන හමුදාව පවසන්නේ ඉරාන භූමියෙන් එල්ල කළ බැලස්ටික් මිසයිල 10ක් විනාශ කර දැමීමට හැකි වූ අතර තවත් මිසයිල 3ක් ජනශූන්‍ය ප්‍රදේශවලට පතිත වූ බවය.
කලාපයේ අමෙරිකානු සහ ඉරාන හමුදා අතර ගැටුම් යළිත් උත්සන්න වී ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළටද බලපෑම් එල්ල වී තිබේ.
අගෝස්තුවේ සංචාරක පැමිණීම 3.3%කින් පහළට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 191,704ක් වන අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 3.3%ක පහළ යාමකි.
ඒ අනුව, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,535,122ක් ලෙස වාර්තා වේ.
වසරේ මුල් මාස 7ට ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 3,000 ඉක්මවයි
වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙනුයේ එය පසුගිය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 59.9%ක ඉහළ යෑමක් වන බවය.
මේ අතර මාසික ඉන්ධන ආනයන වියදම සලකා බැලීමේදී පසුගිය ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 453ක්ද වැය කර ඇති බව මහ බැංකුව මේ සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
කෙසේ නමුත් එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව අඩු වීමක් බව පෙන්වා දී ඇති අතර ඉන් සඳහන් කර ඇත්තේ පසුගිය ජූනි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 465ක් වැය කර ඇති බවය.
නමුත් මෙම වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම ගිය 2025 වසරේ ඉන්ධන ආනයන වියදම වාර්ශික ලක්ෂ්යමය පදනම මත 68%කින් ඉහළ ගොස් ඇති බවත් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බොරතෙල් ආනයනය වී ඇති බවත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
බොරතෙල් මිල තවත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
අද (02) වන විට ‘බ්‍රෙන්ට්’ (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය සෙනසුරාදා (29) එම අගය පැවතියේ ඩොලර් 88.10ක් ලෙසයි.
එමෙන්ම, ‘ඩබ්ලිව්.ටී.අයි.’ (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද පසුගිය සෙනසුරාදා පැවති ඩොලර් 83.40 සිට අද වන විට ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හමුදාමය තත්ත්වය උග්‍ර වීමත් සමග ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
IMF සහ EU අරමුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්රතිසංස්කරණයක් ලෙස විදේශයෙන් ලැබෙන පාර්සල් සඳහා නව බද්දක්
IMF සහ EU අරමුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්රතිසංස්කරණයක් ලෙස විදේශයෙන් ලැබෙන පාර්සල් සඳහා නව බද්දක් හඳුන්වාදීමට යුක්රේන රජය උත්සාහ කර තිබේ. දැනට €150ට අඩු වටිනාකමක් සහිත පාර්සල් බදුවලින් නිදහස් වන අතර, යෝජිත බද්ද මඟින් වාර්ෂිකව hryvnia බිලියන 10ක පමණ ආදායමක් ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි. නමුත් ජීවන වියදම තවදුරටත් ඉහළ යා හැකි බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප වී තිබේ.
තීරුබදුවලින් ඔබ්බට, ශ්‍රී ලංකාවේම දේශසීමා ක්‍රියාපටිපාටි ඇඟලුම් අපනයන තරගකාරීත්වයට බදු නොවන බාධකයක් වන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවකට විදේශීය ගැනුම්කරුවකුගෙන් ලැබෙන ඇණවුමක් නියමිත දිනට සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්තශාලාව තුළ ඇති කාර්යක්ෂමතාව පමණක් ප්‍රමාණවත් නොවේ. රෙදි, ඇඟලුම් ආශ්රිත මෙවලම්, ලාංඡන, ලේබල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිසි වේලාවට කර්මාන්තශාලාවට ලැබිය යුතුය. නිෂ්පාදනය අවසන් වූ පසු නිමි ඇඳුම්ද ගැනුම්කරු නියම කළ කාලයට වරායෙන් හෝ ගුවන් මගින් පිට කළ යුතුය.
ජාත්‍යන්තර ගැනුම්කරුවකුට වැදගත් වන්නේ ඇණවුම පොරොන්දු වූ දිනට ලැබීමය. ශ්‍රී ලංකාව තුළ අනුමැතියකට, ලේඛනයකට හෝ භාණ්ඩ නිෂ්කාශනයකට අමතර දින කිහිපයක් වැයවීම ගැනුම්කරුගේ බෙදාහැරීමේ කාලසටහන වෙනස් කිරීමට හේතුවක් නොවේ. ඒ නිසා අද ඇඟලුම් අපනයන තරගකාරීත්වය තීරණය වන්නේ වැටුප්, විදුලි ගාස්තු, නිෂ්පාදන ඵලදායීතාව සහ විදේශීය තීරුබදු මත පමණක් නොවේ. වරාය සහ රාජ්‍ය නියාමන පද්ධතිය තුළ ගතවන කාලයද අවසානයේ අපනයන පිරිවැයේ කොටසක් බවට පත්වේ.
2026 මාස 07ක් තුළ ඩොලර් බිලියන 1 1/2ක වාහන ආනයනය කරලා
2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම එ.ජ. ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එය 2026 ජූනි මාසයේ දී වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේ දී මාසික පදනම මත 32%ක ඉහළ යාමක් වේ.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම එ.ජ.ඩොලර් මිලියන 1,495ක් ලෙසින් වාර්තා වේ.
පසුගිය 2025 වසරේ දී වාහන ආනයනය වෙනුවෙන් දරනු ලැබ ඇති සම්පූර්ණ වියදම ඩොලර් බිලියන 2.04කි.
2026 ජූලි මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක්
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගියේය. බිටුමන් (තාර) හිඟය වැනි අමුද්‍රව්‍ය සැපයීමේ බාධා පැවැතියද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
නව ව්‍යාපෘති අඛණ්ඩව ප්රදානය වීම ජූලි මාසයේ දී නව ඇණවුම් දර්ශකය තවදුරටත් වර්ධනය වීමට දායක විය. ජූලි මාසයේ දී සේවා නියුක්ති දර්ශකය ශක්තිමත් වුවද, පවතින පුහුණු සේවක හිඟය පිළිබඳව බොහෝ සමාගම් විසින් දිගින් දිගටම වාර්තා කරන ලදී. ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමඟ තොග මිලදී ගැනීම් දර්ශකය ජූලි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. එසේ වුවද, අමුද්‍රව්‍ය හිඟය සහ එම මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් විසින් තවදුරටත් අවධාරණය කරන ලදී. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජූලි මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.
අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයා ගැනීමේ හැකියාව පිළිබඳ අවිනිශ්චිතතාවයන් පැවතුණද, ඉදිරියට ලැබීමට නියමිත ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ අපේක්ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පැවතුණි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| COCR.N0000 (COMMERCIAL CREDIT AND FINANCE PLC) | Rs. 7.00 | 2-Sep | 17-Sep |
| COLO.N0000 (C M HOLDINGS PLC) | Rs. 0.4 | 11-Sep | 30-Sep |
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
