Share Market News Today Sri Lanka EP 24

Share Market News Today Sri Lanka EP 24

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි.මී 75 වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව, නැගෙනහිර සහ උතුරුපැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත්  ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

 

ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

කෙසේ නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් සිදුනොවන අතර, එය රුපියල් 475ක් වූ පැවති මිල යටතේම පවතී

කෙසේ නමුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 478ක්ව පැවති මිල, රුපියල් 528ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392ක් වේ.

මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදු නොකර ඇති අතර, එයද මෙම මිල යටතේම පවතී.

ආහාර උද්ධමනය 8.7% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 8.0% ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී 8.5% ක් ලෙස පැවැති ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 8.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාස 04කට පසු විදේශීය ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක්

අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 291ක් විය.

2026 අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක්

පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළේය. පවතින බිටුමන් (තාර) හිඟය හේතුවෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල වී ඇති බවත්, එමගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සීමා වී ඇති බවත් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

වින්ඩ්ෆෝස් පීඑල්සී රු. බිලියන 4 ක හරිත බැඳුම්කර නිකුතුව හකුලා ගනී

පවතින අහිතකර වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන්, යෝජිත රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර (Green Bond) නිකුතුව සඳහා වන ආරම්භක ලැයිස්තුගත කිරීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝස් පීඑල්සී (WindForce PLC) සමාගම කොළඹ කොටස් වෙළඳපල (CSE) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
MCPL.N0000 (MAHAWELI COCONUT PLANTATIONS PLC) Rs. 3.00 01-Oct 20-Oct
LPRT.N0000 (LAKE HOUSE PRINTERS & PUBLISHERS PLC) Rs. 4.00 01-Oct 7-Oct