Share Market News Today Sri Lanka EP 12

Share Market News Today Sri Lanka EP 12

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ඌවට සහ නැගෙනහිරට අදත් හවසට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ හත්වන සමාලෝචනය සඳහා එම කණ්ඩායම දිවයිනට පැමිණෙනු ඇති බව සඳහන්ය.

දිවයිනට පැමිණෙන මෙම නියෝජිත පිරිස ලබන 23 දක්වා මෙරට රැඳීසිටීමට නියමිතව තිබේ.

දිවයිනේ රැඳීසිටින කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, මුල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්ය.

යුද්ධය අවසන් වන දිනයක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඩලස් (Dallas) නුවර පැවැත්වෙන රිපබ්ලිකන් ජාතික සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානය දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බැවින් තවදුරටත් යුද්ධය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවය.

ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඊයේ (09) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු හමුදා ගුවන් යානා කිහිපයකට හානි සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ දත්තවලට අනුව අද (09) පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 6 සහ මාස 12 කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් ඵලදාව (නියමිත පොලී අනුපාතික) පහළ ගොස් ඇති අතර, මාස 3 භාණ්ඩාගාර බිල්පත් ඵලදාව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ වාහන සම්බන්ධයෙන් පවතින හරස් මායිම් ණය ලිපි (Cross-border Letters of Credit – LCs) අර්බුදය හමුවේ මේ වන විට වරායන් තුළ සිරවී තිබෙන වාහන 1,000කට ආසන්න සංඛ්‍යාවක් කඩිනමින් නිදහස් කරගැනීමට අදාළ ආනයනකරුවෝ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

දේශීය රන් මිල පහළට

දේශීය වෙළඳපොළේ රන් මිල ඊයේ (08) දිනයට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ බැස තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබීම මෙලෙස මෙරට වෙළෙඳපොළේ මිල අඩුවීමට හේතුවී තිබෙනවා.

මේ මස මුල් දින 6 තුළ සංචාරකයන් 31,885ක් දිවයිනට,වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවයි. - සංචාරක සංවර්ධන අධිකාරිය

5/5 - (1 vote)

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
COLO.N0000 (C M HOLDINGS PLC) Rs. 0.4 11-Sep 30-Sep
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct
LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) Rs. 1.25 22-Sep 9-Oct
SHAW.N0000 (LEE HEDGES PLC) Rs. 2.00 22-Sep 9-Oct