Share Market News Today Sri Lanka EP 11

Share Market News Today Sri Lanka EP 11

Table of Contents

⚠️ කාලගුණ පුවත්: දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා  මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  තැනින් තැන වැසි ඇති විය හැක.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැසි ඇති වේ.

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ළංවෙයි

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස අඛණ්ඩව සිව්වැනි දිනටත් ඉහළ ගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්ත කරයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.49ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 1.57ක හෙවත් 1.6%ක වර්ධනයකි.

අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.63ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 1.60ක හෙවත් 1.72%ක ඉහළ යාමකි.

අගෝස්තු මස මුල සිට මේ දක්වා බ්‍රෙන්ට් බොරතෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් තිබේ.

වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි සේවය කර විශ්‍රාම ගිය සහ දැනට සේවයේ නිරත 10,000කට අධික සේවක සංඛ්‍යාවකට පසුගිය වසර 20කට වැඩි කාලයක් පුරා නොගෙවා තිබූ මිලියන 4,500කට අධික ව්‍යවස්ථාපිත හිඟ මුදල්  කඩිනමින් ගෙවීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට නිල සංචිත වත්කම් ඩො.මි. 6,905ක් දක්වා ඉහළයට

ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනය කරයි.

මීට පෙර, 2026 ජූලි මාසය අවසන් වන විට මෙම නිල සංචිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙස සටහන් වී තිබුණි.

මෙලෙස වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම  යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්

මේ වසර තුළ අධිවේග මර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් – දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අග ආරම්භ කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

තවද අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් ද අධ්‍යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව සඳහන්ය.

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා ඔක්තෝබර් 01 දා සිට online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමට පහසුකම්!

දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී මෙතෙක් පැවැති සංකීර්ණ ක්‍රියාවලිය හේතුවෙන් මගී ජනතාව මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් ලබා දෙමින්, ඔක්තෝබර් 01 වනදා සිට පෞද්ගලික අංශයේ සේවකයින්ට ද seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම සැලසේ.

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා ඔක්තෝබර් 01 දා සිට online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමට පහසුකම්!

දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී මෙතෙක් පැවැති සංකීර්ණ ක්‍රියාවලිය හේතුවෙන් මගී ජනතාව මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් ලබා දෙමින්, ඔක්තෝබර් 01 වනදා සිට පෞද්ගලික අංශයේ සේවකයින්ට ද seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම සැලසේ.

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා සැලසෙන ගිවිසුම් දෙකට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම තායිලන්තයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම මිනිස් ජාවාරම වැළැක්වීම ද මෙහි අරමුණු අතරට ඇතුළත්.

ඒ අනුව, වසර 05ක කාලයක් සඳහා අදාළ ගිවිසුම් දෙකට අත්සන් තැබීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ බදු ගැටලුවක්

කොළඹ වරාය නගරයේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තාක්ෂණික ව්‍යවසායිකාවක සහ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අතර මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ. ව්‍යවසායිකා ශාවිනි ප්‍රනාන්දු පවසන්නේ වරාය නගරයට පැමිණීමට තීරණය කිරීමේදී තමන්ට ලබාදුන් බදු කොන්දේසි පසුව වෙනස් වී ඇති බවයි.

ඇයගේ ප්‍රකාශයට අනුව මුලදී වසර 3ක බදු නිදහසක් පිළිබඳව දැනුවත් කර තිබූ අතර, පසුව සේවකයන්ට 15%ක් සහ සමාගමට 7%ක් ලෙස බදු අනුපාත සඳහන් කර තිබේ. පසුව සේවක ආදායම සම්බන්ධයෙන් 36% දක්වා බදු අනුපාතයක් අදාළ වන බවට මතුවූ තත්ත්වය හේතුවෙන් ඇය වරාය නගරයේ ආයෝජනය පිළිබඳ නැවත සලකා බලන බවත්, ඩුබායි වෙත මෙහෙයුම් ගෙන යා හැකි බවත් පවසා ඇත.

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසන්නේ නීති සංශෝධන පිළිබඳ ආයෝජකයින් කලින්ම දැනුවත් කර තිබූ බවත්, වරාය නගරය සහ ප්‍රධාන භූමිය අතර බදු වාසි ලබාගැනීමේ වෙනසක් නොමැති බවත්ය. විදේශීය ආදායම් සහ දේශීය ආදායම් වර්ගීකරණය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව, මෙය බදු අනුපාත පිළිබඳ ගැටලුවක් පමණක් නොව, ජාත්‍යන්තර ආයෝජකයන්ට ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි බදු ප්‍රතිපත්තියක් ලබාදීමේ වැදගත් පරීක්ෂණයක් බවට පත්ව තිබේ.

Dialog හා Ria Money Transfer එක්ව, මිලියන 20ක ශ්‍රී ලාංකිකයින්ට, පහසුවෙන් හා කඩිනමින් විදෙස් මුදල් ලබාගැනීමේ හැකියාව සලසයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ප්‍රථම හා විශාලතම මොබයිල් මුදල් සේවාව වන eZ Cash හි සැපයුම්කරු වන Dialog Axiata PLC (ඩයලොග් ආසිආටා පීඑල්සී) ආයතනය, මගින් eZ Cash හරහා මිලියන 20කට අධික ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන් සුවිශේෂී සහයෝගිතාවකට අත්සන් තබා තිබේ. ඒ අනුව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් eZ Cash හරහා පහසුවෙන් ලබාගැනීමට හැකියාව උදාකරන මෙම සහයෝගිතාව සඳහා Dialog, විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන Euronet Worldwide, Inc. හි ව්‍යාපාරික අංශය වන Ria Money Transfer (Ria) ආයතනය සමගින් අත්වැල් බැඳ ගනියි. මේ හරහා දියත් කෙරෙන නවතම ක්‍රමවේදය ඔස්සේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ මුදල්, ඉදිරියේදී සෘජුවම eZ Cash wallets හරහා තම පවුල් වෙත එවීමට හැකි වේ.

2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්

2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා වසා දැමීමට කටයුතු කරන ලද සතොස අලෙවිසැල් සංඛ්‍යාව 31ක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ මන්ත්‍රී චානක මාදුගොඩ මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍ය ජයවර්ධන මහතා පැවසුවේ, 2026 අගෝස්තු 17 දින වන විට දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් සංඛ්‍යාව 424 ක් බවයි.

මේ අතර සතොස අලෙවිසැල්වල මේ වන විට භාණ්ඩ ගණනාවක හිඟයක් පවතින බව චානක මාදුගොඩ මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, දිවයින පුරා දිස්ත්‍රික්කයකට එක බැගින් දිස්ත්‍රික් ගබඩා කිරීමට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ හරහා බෙදාහැරීමේ කටයුතු, ආනයනය කිරීම සහ තොග සැපයීම නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරමින් අනෙක් ආයතනවලට වඩා අඩු මිලට භාණ්ඩ සැපයීමට කටයුතු කරන බවත්ය. එහි පළමු පියවර ලෙස මාතර තොග ගබඩාව එළඹෙන මාසයේ දී ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
CTBL.N0000 (CEYLON TEA BROKERS PLC) Rs. 0.5 9-Sep 28-Sep
COLO.N0000 (C M HOLDINGS PLC) Rs. 0.4 11-Sep 30-Sep
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct
LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) Rs. 1.25 22-Sep 9-Oct